UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

 

ප්‍රශ්නය
මෙලොව උපත ලද හැම සතෙක්ම “ සුඛ’ ය හෙවත් ‘ සුඛකාමානි භූතානි’ සුව කැමැත්තෝය. මිනිසා පිළිබඳව ද එසේම බව අංනි. චක්ක සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. ලෞකික සම්පත් බහුල වීමට හේතු හතරක් ඇති බව එම දේශනා වල සඳහන් වෙයි. සනාථ කරන්න.

පිළිතුර
සුදුසු පෙදෙසක විසීම (පතිරූප දේශ වාසය)

සද්ගුණ බහුල මිනිස් ඇසුරු ( සදාශ්‍රය)

සිත්හි තැන්පත් බව (අත්තසම්මාපණි)

පෙර පින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා)


ප්‍රශ්නය
සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු අකුසලය නොඉපදවීමද කුසලයාගේ ප්‍රතිලාභයද (අභිවෘද්ධියද) ස්වකීය සිත් සතන්හි පිවිතුරු බවද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. මෙහි ‘සබ්බ පාපස්ස අකරණං’ යන්න ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර
සබ්බ පාපස්ස’ කාය දුශ්චරිතය – වාග් දුශ්චරිතය මනෝ දුෂ්චරිතය යන දුෂ්චරිතයයෝ. මේවා දශ අකුසල කර්මපථ වශයෙන්ද ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. එනම් පාණාතිපාතාය, අදින්නාදානය, කාමේසු මිච්ඡාචාරය, මුසාවාදය, පිසුනාවාචාය, ඵරුසාවාචාය, සම්ඵප්පලාපය යනු අභිජ්ඣා ය ව්‍යාපාදය මිච්ඡාදිට්ඨි යන්නයි.මේ දශ අකුසල කර්මපළ ලෝභ ,දෝස,මෝහ යන අකුසල මූලයන් මගින් ප්‍රභවය වෙයි. සතර අගතියට මේ අකුසල මූලයෝ ප්‍රත්‍යය වෙයි. ඔවුන් අතරෙන් ලෝභ අකුසල මූලය අසුභභාවනාවෙන් ප්‍රහීණ වෙයි. ද්වේශය මෙත්තා භාවනාවෙන් ප්‍රහීණවෙයි. මෝහය පඤ්ඤා භාවනාවෙන් ප්‍රහීණ වෙයි. එසේම ලෝභය උපේක්ෂාවෙන් ප්‍රහීණ වෙයි. ද්වේශය මෙත්තාවෙන්ද කරුණාවෙන්ද ප්‍රහීණ වෙයි. මෝහය මුදිතාවෙන්ද ප්‍රහාණයට යයි.


ප්‍රශ්නය
සමථ භාවනාව පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර
චිත්තං සමෙතීති සමථො සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථභාවනාවට යොදා ගත හැකි (ආරම්මණ) අරමුණූ සතළිහක් දක්වා තිබේ. ඒවාට කර්මස්ථාන යැයි කියනු ලැබේ. සමථ භාවනා කරන විට සිත්හි සමාහිත බවක් හෙවත් සමාධියක් උපදී තැන්පත් සිත සමාධියයි. සත්‍ය දකින්නාවූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරී වන්නේ චිත්ත සමාධියයි. (සමාහිතො යථා භූ®තං පජානාති) තැන්පත් සමාහිත සිත ඇත්තේ (යොනිසොමනසිකාර) ඇති සැටියෙන් දැන ගනී.


ප්‍රශ්නය
විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
විදර්ශනා යන්නෙහි ‘පාලි’ ස්වරූපය විපස්සනා යන්නයි. දකියි බලයි. යන්න සිංහල අර්ථය වුවත් සංස්කෘත විදර්ශනා යන්න සුවිශේෂ දැක්ම යන්න ව්‍යවහාරවෙයි. විවිධාකාරෙන පස්සතීති, විපස්සනා, හෙවත් විපස්සතී විපස්සනා) යනුවෙන් ද එම අදහසම ගම්‍යවෙයි. ‘සමාධිනො භික්ඛවෙ යථාභූතං පජානාති. සමාධිමත් භික්ෂුව යථා තත්වය දැන ගනී. විදර්ශනා ප්‍රඥාවෙන් සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකී.


ප්‍රශ්නය
සූත්‍රාගත බුද්ධදේශනා අනුව භාවනාවෙහි ප්‍රතිඵල හෙවත් ආනිශංස පිළිබඳව සූත්‍රාගත තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර
ම.නි. එන සතිඵට්ඨාන සූත්‍රය අනුව භාවනාවෙහි යෙදෙන යෝගවචරයෙකුට ආනිශංස පහක් ලැබෙන බව දක්වා තිබේ.

ආත්ම පාරිශුද්ධිය (සත්තානං විසුද්ධියා)

ශෝකය වැළපීම්, ආදී ඛේදනීය තත්වයන් වළක්වා (සොක පරිද්දවානං සමතික්කමාය) ගැනීම

දුක් දොම්නස් දුරැලීම (දුක්ඛදොමනස්ස අත්ථංගමාය)

නුවණ ලැබීම,

නිවන් පසක් කරගැනීම සඳහා (නිබ්බාණස්ස සච්ච කිරියාය)

අංනි- ඒක ධම්ම සූත්‍රවල සමස්තයක් වශයෙන් සියලු භාවනාවන්හි වැඩීමෙන් ලැබෙන ආනිශංස මෙසේ පිඬුකොට දක්වා ඇත.

ඒකාන්ත නිබ්බිතය– දුකෙහි කළකිරිම පිණිස
විරාගය – රාගය දුරුකිරීම පිණිස
නිරෝධාය – කෙලෙස් ප්‍රහාණය පිණිස
අභිඤ්ඤාය – ප්‍රඥාව දියුණුව පිණිස
සම්බෝධාය – අවබෝධය පිණිස
නිබ්බාණාය – නිර්වාණය සාක්‍ෂාත් සාක්‍ෂාත් කරගැනීම පිණිස

මෙම අදහස අපවත් වී වදාළ ආචාර්ය වල්පොල රාහුල හිමියන් තම ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කර ඇත.(බුදුන් වදාළ ධර්මය)

බුදුරදුන් වහන්සේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබාදෙයි. භාවනාව වචනය කියනු ලබත්ම අප කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ වැඩවලින් වෙන්වී සමාජයෙන් වෙන්ව විහාරවල දක්නට ලැබෙන ඉරියව්වකින් ගූ®ඪ ලෙස කරන කටයුත්තක් ලෙසිනි. සැබෑ බෞද්ධ භාවනා කිසිලෙසකිනිදු එවැනි පලායාමක් නොවේ. සතිපට්ඨාන සූත්‍ර භාවනා සම්බන්ධ ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත් සතුටුවීම හා අසහන වලටත් කථාවලටත් සිතිවිලිවලටත් බුද්ධිමය කාර්ය වලටත් සම්බන්ධය. තවදුරටත් උන්වහන්සේ භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම නැතිනම් දියුණුකර ඒකාග්‍රතාවය ස්මෘතිය , බුද්ධිය, අධිෂ්ඨානය ,විරිය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව පී‍්‍රතිය , ශාන්තිය ආදි ගුණ දියුණූකොට ප්‍රඥාව ලබාදී නිර්වාණබෝධය එහි අරමුණයි යනුවෙන් විස්තර කරයි.


ප්‍රශ්නය
ඉරියාපථ භාවනාව කෙටියෙන් හඳුන්වන්න

පිළිතුර
ප්‍රධාන ඉරියව් හතරකි. එනම්, ගමන් කිරීම, සිටගෙන සිටීම, හිඳීම, සයනය මෙම සතර ඉරියව් සිහියෙන් යුක්තව කිරීම මේ භාවනාවයි. ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය අනුව සිත මෙහෙයවා දියුණු කිරීම.


ප්‍රශ්නය
උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙනච

දීපං කයිරාථ මෙධාවි යං ඔඝො නාභි කීරති

ධම්මපද ධර්ම ග්‍රන්ථාගත මේ ගාථා ධර්මයෙන් එන “ සඤ්ඤමෙන දමනෙච” යන පාඨය ධර්මානුකූ®ලව විවරණයක් කරන්න.

පිළිතුර
බුදු දහමට අනුව පුද්ගල ජීවිත අභිවෘද්ධිය සඳහා ‘ආත්ම දමනය’ බෙහෙවින් අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා තමා විසින් ගුණදහම් පහක් සපුරා ගත යුතුය. ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන එම කරුණ - සීලය සතිය *(සිහිය) ඉවසීම (ඛන්තී) විරිය (වීර්යය උත්සාහ වත් බව) ප්‍රඥාව (නුවණ) සඳහන් වෙයි.


ප්‍රශ්නය
සිත කෙලෙසා දුසිරිතට පුද්ගලයා මෙහෙයවන චෛතසික (සිතිවිලි) කොටසක් වංචක ධර්ම නමින් බුදු දහමෙහි ඉගැන්වෙයි. ‘මිච්ඡා ආචාර’ නමින් වැරැදි මිනිස් හැසිරීම් වශයෙන්ද මේවා හඳුන්වනු ලබයි. මෙම වංචක ධර්ම මොනවාද?

පිළිතුර
පාලි නිකායාගත ධර්ම ග්‍රන්ථයන්හි වංචක ධර්ම දශයක් මෙසේ සඳහන් ව ඇත.

ලෝභය, රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව , මානය, ථීනමිද්ධ, කුක්කුච්ඡ, අහිතික, අනොත්තප්ප, දිට්ඨි, මෝහ, යනුයි.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]