UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජාච පූජනීයානං

පුජාච පූජනීයානං

කහගල ධම්මරක්ඛිත නා හිමි

කඩුගන්නාව, කදන්ගම ඉල්ලදොර පොත්ගුල් විහාරාධිපති කර්මාචාර්ය සංඝකීර්ති ශ්‍රී‍්‍ර ආරණ්‍ය වංශික ශ්‍රී‍්‍ර සීලානන්ද කහගල ශ්‍රී‍්‍ර ධම්ම රක්ඛිතාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 86 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහනක් පෙබරවාරි 6 වෙනි දින පැවැත්විණි.

මල්වතු මහා විහාර පාර්ශවයේ යටිනුවර ශ්‍යාමනිකායික භික්‍ෂූ සංගමයේ ආරම්භක සභාපති වන කහගල ධම්මරක්ඛිත නාහිමියෝ හීරැස්සගල ධම්මෝදය පිරිවෙන් කෘත්‍යාධිකාරි වශයෙන්ද සේවය කරන අතර දශක දෙකක් යටිනුවර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් දහම් පාසල් දියුණුව වෙනුවෙන් දහම් පාසල් ප්‍රධානින් සමග කටයුතු කර යටිනුවර දහම් පාසල් අධ්‍යාපනය දියුණු මට්ටමකට පත්කිරීමට ධර්මධර නාහිමිනමක් වශයෙන් සේවාවක් ඉටුකළ විචිත්‍ර ධර්මකථික මහ තෙරනමකි. කහගල ධම්මරක්ඛිත නා හිමිපාණන්ට තව තවත් ශාසනික ජාතික ආගමික සේවාවන් ඉටුකිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනය කරමු.


නවදගල චන්ද්‍රසිරි නා හිමි

බුලත්සිංහල ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාමය, ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමය, දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමය යන විහාරත්‍රයාධිපති, පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති නවදගල චන්ද්‍රසිරි නා හිමිපාණන් වහන්සේ 2013 ජනවාරි මස 31 දා සිය ජීවන මගේ 57 වැනි විය සැපිරූහ.

ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නවදගල ග්‍රාමයේදී 1956 ජනවාරි මස 31 දින උපත ලැබීය. 1970 නොවැම්බර් මස 05 දින වීදාගම දෙල්ගස්වත්ත මහා විහාරයේදී පැවිදි වූහ.

උන්වහන්සේ වර්තමානයේ ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ වැඩ වෙසෙමින් කාලයක සිට එම විහාරස්ථානයේද තමන් වහන්සේ අධිපතිත්වය දරන අනෙකුත් විහාරස්ථාන දෙකෙහිද සංවර්ධනය උදෙසා විශාල කැපවීමක් කරනු ලබයි. එලෙසම ප්‍රදේශයේ දායක දනන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයටත් ප්‍රදේශයේ සාමාජික දියුණුවටත්, පොදු කටයුතුවලටත් අනුශාසකත්වය දෙමින් භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් කරන්නාවූ මෙහෙවර ඉතාමත් ප්‍රශංසනීයයි.

ගෝවින්න ශ්‍රී සුදර්ශන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් ද කටයුතු කරති. උන්වහන්සේට නිරෝගී සුව චිර ජීවනය ලැබේවා.


‍වරකාපිටියේ සද්ධානන්ද මා හිමි

ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය, වාහල කනංකේ පි‍්‍රය වික්‍රමාරාමය හා කුඩාගොඩ ශ්‍රී සංඝාරාමය යන විහාරයන්හි අධිපති අක්‍ෂි වෛද්‍ය විශේෂඥ සාමවිනිසුරු වරකාපිටියේ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේ මෙම පෙබරවාරි මස 04 වැනි නිදහස් දින තම දිවියේ 60 වන වියට පා තැබූහ.

වැලිගම් කෝරලේ වරකාපිටිය නම් ගම් පියසේදී 1953 පෙබරවාරි මස 04 වැනි දින ලියනපල්ලියගේ ජනෝරිස් අප්පුහාමි හා කනංකේ ගමගේ සාදිනාහාමි යන පින්වත් මව්පිය දෙපළට දාව මෙලොව එළිය දුටු මෙම පින්වත් කුමරුවන් නව හැවිරිදි පමණ වියේදී එවකට ඉමදුව දිවෙල්ගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ කෝදාගොඩ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ හා තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ සංඝානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූයේ 1962 ජුනි මස 07 වැනි දිනය.

අහංගම විද්‍යාචන්ද්‍ර හා කනංකේ රාජමහා විහාරය යන පරිවේනස්ථාන ඇසුරින් එවකට මහ පඬිවරයාණන් වහන්සේලා වශයෙන් වැඩ විසූ කෝදාගොඩ ඤාණාලෝක නා හිමි හා කනංකේ ඤාණාලෝක යන යතිවරයන් වහන්සේලා මගින් මූලික අධ්‍යාපනය ලැබූ සද්ධානන්ද හිමියන් බණ දහම් මනාව හදාරා 1972 ජුනි මස 22 වැනි දින මහනුවර මල්වතු විහාර උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූහ.

උන්වහන්සේ කලක් කුඩාගොඩ ශ්‍රී සංඝාරාම විහාරස්ථානයෙහි වැඩ වෙසෙමින් එහිදී වැල්ලානේ ගුණරතන වෙද හාමුදුරුවන් වහන්සේ මගින් ඇස් වෙදකම මනාව හදාරා හැම දෙනාටම සුවිශාල වූ සේවාවක් ඉටු කරති.

1988 වර්ෂයේදී තම ගුරුදේවයාණන් වහන්සේ වන කෝදාගොඩ සංඝානන්ද නාහිමියන් අපවත්වීමෙන් පසු විහාර ගණයෙහි අධිපතිත්වයට පත් වූහ.

උන්වහන්සේ 60 වන වියට පා තැබීම නිමිත්තෙන් පෙබරවාරි මස 04 වැනි දින උන්වහන්සේට ආශිර්වාද කිරීමට හා නිදහසේ විරුවන්ට මෙන්ම වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සඳහා පින්කම් මාලාවක් සංවිධානය කොට තිබිණි.

මේ සියලු පින් බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා.


රත්මලේඅගාරේ සිරිවිමල නා හිමි

මාදම්පේ කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාමය නාන්කඩවර ශ්‍රී බෝධිමළු පුරාණ විහාරස්ථානය කැලෑගෙදර ශ්‍රී පුෂ්පාරාමය යන විහාරස්ථානවල අධිපති රත්මල්අගාරේ සිරිවිමල හිමි වෙත ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ පුත්තලම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් පිරිනමා ඇත.

ගුණරත්න බණ්ඩා වික්‍රමනායක සහ ආර්.පී. සුමනාවතී යන දම්පතීන්ට දාව 1954.04.19 වෙනි දින පින්වත් කුමරා මෙලොව එළිය දුටුහ. එලිවිටියේ සුමනසිරි හිමි වෙතින් 1963.11.23 වෙනි දින පැවිදි වූහ. 1974.06.15 වෙනි දින ගොඩමුන්නේ ශ්‍රී ධම්මානන්ද මාහිමි වෙතින් ගොඩමුන්නේ ශ්‍රී ගුණරතන,ගොඩගම රතනපාල යන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

රත්මල්අගාරේ කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද නාහිමියෝ උසස් අධ්‍යාපන කටයුතු කුරුණෑගල ශ්‍රී මලියදේව මහ පිරිවෙනින් ලැබූහ.

පැවිදි දිවියට වසර පනහක් සපුරන රත්මල්අගාරේ සිරිවිමල නාහිමියෝ මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ධුරය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන රැසක ගරු අනුශාසක ධුරය හොබවති.

අභිනව නාහිමියෝ පිළිගැනීමේ උත්සවය 2013.02.17 වෙනි දින පස්වරු 2.30 ට කුඩාබිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.


පොල්වත්තේ සෝමානන්ද හිමි

මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නා හිමි ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී ආරණ්‍ය වංශික සුමන යන ගෞරව නාමය සහිතව තුම්පනේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය හතරලියද්ද දුංකුඹුර විහාරාධිපති සහ හතරලියද්ද වැලිගොඩපොල ශ්‍රී‍්‍ර ධම්මාරාම පිරිවෙන් කෘත්‍යාධිකාරි පොල්වත්තේ සෝමානන්ද හිමි වෙත පිරිනමා ඇත.

සංඝනායක පදවිය පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය නොබෝදා මල්වතු මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදී පවත්වන ලද සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවයේදී අතිගරු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමි ප්‍රධාන අනුනායක හිමිවරුන් වෙතින් ලබාගත් සෝමානන්ද නාහිමි හතරලියද්ද සහ පොල්වත්ත ප්‍රදේශයන්හි දායකයින් විසින් පිළිගෙන දුංකුඹුර විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී. මෙහිදී සෝමානන්ද නාහිමි වෙත මහාසංඝයා වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ආසිරි පැතූ අතර දායක සභාවේ මෙහෙයවීමෙන් පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්විණි.


උග්ගොඩ ධම්මින්ද හිමි

මාතර තිහගොඩ උග්ගොඩ ග්‍රාමයේදී උපත ලැබූ කේ.එම් සිරිල් රත්න දරුවාගේ දෙමාපියන් වූයේ කේ.එම්. ඩේවිඩ් සහ එච්.එම්.සෝමවතී දෙදෙනා ය.

මෙම දරුවා උපත ලැබුයේ 1965 ජනවාරි 9 වෙනිදාය.

උග්ගොඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සිරිල්රත්න දරුවා කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කහටපිටියේ සුමතිපාල හිමියන්ගේ උපාධ්‍යායෙන් මාතර මිරිස්ස වේළුවන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති දෙනිපිටියේ ජිනරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උග්ගොඩ ධම්මින්ද නමින් 1980 ජනවාරි 19 වෙනි දින පැවිදි බිමට පත් විය.උන්වහන්සේ සිය ජීවන ගමන් මගේ හතළිස් අටවන වියට පසුගියදා පා තැබූහ.

මාතර සිරි සුනන්ද ත්‍රිපිටක විද්‍යාලයෙන්ද වැලිගම අග්‍රබෝධි පිරිවෙනින්ද මාතර මහා මන්තින්ද පිරිවෙණෙන්ද අධ්‍යාපනය හදාරා පසුව කොළඹ ගංගාරාමයේ සිරි ඥාණේස්වර පිරිවෙනින් උසස් අධ්‍යාපනය හදාරා අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළේය.

1984 ජුනි 24 වන දින මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයේදී කැකුනේවෙල උපරතන සහ හුලංදාවේ දීපානන්ද යන නාහිමිවරුන් ගේ උපාධ්‍යායත්වයෙන් උපසපන් බව ලබාගත් උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ එම වසරේදීම කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවුන්ගම ග්‍රාමයේ ශ්‍රී ධම්මින්දාරාම (නන්දාරාමය) විහාරස්ථානය ගොඩ නැගූහ.

මාකන්දන වැලිතොටුවවත්ත ප්‍රදේශයේ අක්කර හතර හමාරක පමණ වූ භූමියක් උග්ගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ සියලු විහාරාංගවලින් සමන්විත වූ රමණීය පුද බිමක් බවට පත් කළහ.

වැලිතොටුවවත්ත හා ඒ අවට ප්‍රදේශවල බොදු දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා සංකල්ප දහම් පාසල ආරම්භ කළ ධම්මින්ද ස්වාමීන් වහන්සේ සංකල්ප යෞවන සමාජය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප අන්‍යෝන්‍යධාර සමිතිය, සංකල්ප ග්‍රාම සංවර්ධන සමිතිය, සංකල්ප සමාජ සංවර්ධන පදනම සංකල්ප මුතුහර ළමා සමාජය, සංකල්ප අවමංගල්‍යාධාර සමිතිය,ආදි විවිධ සමිති සංවිධානවල නිර්මාතෘවරයාණෝ වෙමින් ප්‍රධාන තනතුරුද හොබවති.

උන්වහන්සේ විහාරස්ථානයේ අභිවෘද්ධිය මෙන්ම වැලිතොටුවවත්ත ප්‍රදේශයේ අභිවෘද්ධිය වෙනුවෙන්ද විශාල මෙහෙයක් සිදුකොට ඇති සංඝ පීතෘවරයාණන් කෙනෙකි.

කැස්බෑව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ කලාප අංක 1 නියෝජ්‍ය ලේඛකාධිකාරි ධූරය හොබවන මාකන්දන වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප මහා විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේට තව තවත් ආගමික ශාසනික සමාජීය අභිවෘද්ධිය සදාලන්නට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්ය හා ආශීර්වාදය මෙන්ම නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවායි අපි පතමු.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]