Print this Article


මීපේ සෝරත හිමියන්ගේ ගුණ සමරු පින්කම

මීපේ සෝරත හිමියන්ගේ ගුණ සමරු පින්කම

ගාල්ල මීපේ වල්පිටිගොඩ වල්පිටගමගේ පරපුරට අයත්ව උපන් මෙන්ඩිස් කුමරා අංකොක්කාවල ශ්‍රී සුමංගල විහාරාධිපති පිලානේ ශ්‍රී ඛේමානන්ද ලොකු හාමුදුරුවන් වෙත ඇතිවූ සැදැහැ බැතියෙන් 1930 දී එකොළොස් වසරේදි මීපේ සෝරත නමින් පැවිදි විය.

උගත මනා ශබ්ද ශාස්ත්‍රාදිය පමණක් නොව ධර්ම විනය ප්‍රගුණ කරමින් 1940 ජුනි මස 05 වන දින මල්වතු මහා විහාර සීමා මාලකයේදී උපසම්පදාව ලැබීය.

කෝට්ටේ සිරි පැරකුම්බා මහ පිරිවනෙන් මූලික අධ්‍යාපනය ලබා මාතර මහා මන්තින්ද පිරිවනෙන් පාලි, සංස්කෘත, සිංහල භාෂා හා කාව්‍ය කරණයෙහි හසල දැනුමක් ඇත්තෙකුව ප්‍රාචීන අධ්‍යාපනය ලැබීය. මීපේ සෝරත ලොකු හාමුදුරුවන් වහන්සේ ලෝක ශාසනික සේවාවන් නොකඩවා ඉටුකිරීමට සමත් ප්‍රබල ශිෂ්‍ය පරපුරක් ද බිහි කළහ. එම ශිෂ්‍ය පිරිස අතර ජ්‍යෙෂ්ඨතම වූ මහාචාර්ය අඟුළුගහ ධම්මින්ද හිමිය.

මීපේ සෝරතාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 7වන ගුණ සමරුව පෙබරවාරි මස 7, 8, 9 යන දිනවලදී අංකොක්කාවල ශ්‍රී සුමංගල විහාරස්ථානයේදී පැවැත්වේ. 7 වන දින යුගාසන ධර්ම දේශනයකි. 8 වන දින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයකි.

පසුදින සංඝගත දක්ෂිනාවක්ද පැවැත්වීමට විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසනා පරිදි දායක සභාව විසින් සංවිධානය කර තිබේ.