UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

ජනවාරි මස 26 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පින්කම් රැසක් පැවැත්වේ.

පෙරවරු 6.00 – 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියසදී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනය, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 පදවීතිහාර පූජාව, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 ධර්ම දේශනය, 8.30 –9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙරවරු 5.00 – 5.30 භාවනා, 8.00 – 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා.


බම්බලපිටිය, සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව, සිරි වජිරාරාම වාසී පිටිපන ශාසනරතන හිමි, 9.00 – 9.30 විශේෂ ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානාහිමි, 9.30 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත්පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල සීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව සිරි වජිරඤ්ඤාණ ධර්මායතනවාසී දියතලාවේ පියධස්සී හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව කැලිපෝනියා රාජ්‍යයේ විශ්වවිද්‍යාලයේ හිටපු ඉංගශ්‍රීසි හා භාෂා සාහිත්‍ය උපදේශක ආචාර්ය රවින්ද්‍රනාත් මහතා, 5.00 – 6.00 ධර්ම දේශනය – රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


සංඝමිත්තාරාමය, තලවතුගොඩ

ජනවාරි 26 දුරුතු පුන් පොහොය දින අලුයම විශේෂයෙන් සැකසූ ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පැවැත්වෙන අතර පෙරවරු 6.00 සිට ප.ව. 6.00 දක්වා ශීල, භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8.00 – 9.00 දක්වා මහාප්‍රජාපතී මහරහත් මෙහෙණින් වහන්සේ පිළිබඳව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමියන් විසින් ද 9.30 සිට 10.30 දක්වා ඛේමා මහරහත් මෙහෙණින් වහන්සේ පිළිබඳ කුසුමා භික්‍ෂුණීන් වහන්සේ විසින් ද, පස්වරු 1.00 සිට 2.00 දක්වා උප්පලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේ පිළිබඳව මිරිස්සේ ධම්මික හිමියන් විසින් ද 3.00 සිට 4.00 දක්වා භද්දකච්ඡායනා මහරහත් මෙහෙණින් වහන්සේ පිළිබඳව මායිම්නෙළුවේ ධම්ම ශාන්ති සිල් මාතාව විසින් ද ධර්ම දේශනා පවත්වනු ලැබේ. මෙදින සවස මල් පහන් ගිලන්පස විසිතුරු අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මාතාව විසින් පවත්වනු ලැබේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා සීල සමාදන් කරවීම, හීන්බුන්නේ සුනන්ද හිමි, සිල් ආචර්ජනාව, කාවින්ද සිරිවර්ධන ශූරීන් විදර්ශනා මාර්ගය පලොල්පිටියේ ආනන්ද බෝධිනී සිල් මාතාව බුද්ධ වන්දනාව පණ්ඩිත දෙහිගස්පේ සිරිවිමළ හිමි. රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි අනුශාසනා පරිදි, සෙවණගල මලිඳු, නෙරලම්පිටියේ දිනිදු කට්ටකඩුවේ මිලිඳු දෙයියන්දර මනිඳු සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය නිලන්ත හෙට්ටිගේ සූරීන් වැලිගම සුගත ධර්ම පත්‍රිකාව සාකච්ඡාව කිවිපති මාර්ටින් ජයවර්ධන සූරීන්, ජාතික පොත දේශනාව විටියල කුසුම්සිරි හිමි, සිල් පවාරණය විශේෂ ධර්මදේශනාව පට්ටියවෙල සීවලී හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පැලෑනේ සුවිනීත හිමි, බුද්ධ පූජාව තෙලිජ්ජවිල සුසමාහිත හිමි, ධර්ම දේශනාව ශාස්ත්‍රපති පට්ටියවෙළ සීවලී හිමි, බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව කොළොන්නාවේ හේමසිරි හිමි, කුඩාමනින්ගමුවේ සංඝානන්ද හිමි, ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි. ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී දේවාලේගම සුමනරතන හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 7.45 – 9.45 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, 10.00 – 11.30 ධර්ම දේශනය, ශේන් බිලොක් මහතා, පස්වරු 1.00 – 2.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්වංශභිධාන අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා නායක හිමි. 2.15 – 4.30 ධර්මදේශනය නාගොඩ සද්ධාලෝක හිමි, 4.45 – 7.00 ධර්මදේශනය බුද්ධගයාවේ සිසිර චන්ද්‍ර මෛත්‍රී හිමි, 7.15 – 8.15 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාව (පටිගත කළ එකකි) 8.35 – 9.30 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව , 9.35 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ විහාරස්ථාන නැරඹීම.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරිසාරානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය හුණුකැටපිටියේ පඤ්ඤාවිමල හිමි, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


කතරගම කිරිවෙහෙර

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී දුරුතු පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

උදේ ධර්ම දේශනාව කළුතර අත්ථදස්සි විහාරාධිපති මාරපන විජිත හිමියන් විසින් අටවිසි බෝමළුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජාකර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාවභාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසිනි.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් පූජාකර බෝධි පූජාව පැවැත්වේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

(ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ)


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ් ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.30 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 10.30 ධර්ම දේශනය - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.00 ධර්මදේශනය, දාස්වත්තේ සුමනසීල නාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව තල්පත්වැව සද්ධාතිස්ස නාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය, මහවත්තේ කල්‍යාණධම්ම හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ඕස්ට්‍රේලියාවේ සාක්‍යමුනි සම්බුද්ධ විහාරාධිපති හා ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ඉඟුරුවත්තේ ධම්මගවේෂී හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය ජ්‍යෙෂ්ඨ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව නාථගණේ අග්ගවංස හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 ස්වීඩනයේ ස්නෝර් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කැලණිය විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවාකන්දේ ඤානානන්ද හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මතුගම සුවච ධම්ම හිමි, බලංගොඩ ධම්මරක්ඛිත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මහාචාර්ය පාතේගම ඤානිස්සර හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව, නාථගනේ අග්ගවංශ නාහිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

දුරුතු පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 06.45 – 07.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව, මහනුවර, අස්ගිරි මහා විහාරීය ස්වාමීන් වහන්සේ නමක් විසිනි. 8.00 – 9.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව මහනුවර, අනිවත්ත, පාරමිතා ධර්මායතනයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී බටපොල මේධානන්ද හිමි විසිනි, 9.30 – 10.45 භාවනාව හා සාකච්ඡාව අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවාසී හිමි නමක් විසිනි, පස්වරු 12.30 – 01.30 ධර්මානුශාසනාව පේරාදෙණිය විශ්වවිද්‍යාල විහාරවාසී නාපාන ධම්මානන්ද හිමි, 1.30 – 2.45 ධර්මානුශාසනාව හා සාකච්ඡාව ඇමරිකාවේ මේරිලන්තයේ ආනා පොලිස් හි ධම්මසුඛ භාවනා මධ්‍යස්ථානයේ අධිපති ඇමරිකානු ජාතික විමලරමිසි හිමි විසිනි. (පරිවර්තන සහාය පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ පුස්තකාලාධිපති, ආරියසිංහ සේනාධීර මැතිතුමා විසිනි.) 3.00 – 04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය, මහනුවර, මාවිල්මඩ, ශ්‍රී විශුද්ධාරාම විහාරවාසී, පැණිදෙනිය භාරතීය පිරිවෙණේ ආචාර්ය කොළඑළියේ සුදස්සී හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දුරුතු පුරපසළොස්වක පොහෝදා වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 දක්වා භාවනා වැඩසටහන විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ට ධර්මදේශනාව සුගතවංශාරාමාධිපති කොරසේ මහින්ද හිමි, 10.30 – 11.00 දක්වා, සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 – 12.30 ට බුද්ධානුස්සති භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ධර්ම දේශනය බංගලිදේශයේ සුමේධ හිමි, 3.30 – 4.30 භාවනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය දොම්පේ චංකමනාරාම තපෝවනේ කම්මට්ඨානාචාර්ය වාරියපොළ ජනානන්ද හිමි, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධපූජාව 8.00 – 9.00 දක්වා රාත්‍රි ධර්ම දේශනය, (පටිගත කරන ලද)

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]