Print this Article


බලන්ගොඩ සුධම්මවංශ මහ නා හිමියෝ අපවත් වෙති

බලන්ගොඩ සුධම්මවංශ මහ නා හිමියෝ අපවත් වෙති

බලන්ගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සුධම්මවංශ මාහිමිපාණන් වහන්සේ අවුරුදු 86 ක් ආයු වළඳා 7 රාත්‍රියේ අපවත් වී වදාළහ. ඕපනායක බෙලිගල රජ මහා විහාරය, බලන්ගොඩ ඕලුගන්තොට ගංගාරාමය යන විහාරස්ථානවල ද අධිපති ධුර දැරු උන්වහන්සේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ ගුරුවරයෙකු හා වැඩබලන විදුහල්පති ධූරයන් ද දැරූහ. ආදාහන පූජෝත්සවය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ ක්‍රීඩා පිටියේ දී 12 සෙනසුරාදා සවස සිදු කෙරිණි.