Print this Article


ධනවර්ධන ගුරුගේ රචිත ‘බෞද්ධ විවාහය’ ජනවාරි 19 වැනිදා දොරට වඩියි

ධනවර්ධන ගුරුගේ රචිත ‘බෞද්ධ විවාහය’ ජනවාරි 19 වැනිදා දොරට වඩියි

ලෝක මනුෂ්‍යය පදනමේ සභාපති සහ ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ නිකායාරක්‍ෂක ගරු භාණ්ඩාගාරික දේශශක්ති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා විසින් රචිත ‘බෞද්ධ විවාහය’ ග්‍රන්ථයේ අන්තර්ගතය හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උදම්මිට ඥානේශ්වර හිමියන්ගේ මූලාසනාත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිශාන්ත අල්විස් ඇතුළු විශේෂ අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයේ ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන් විසින් සිදු කළ අතර ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා අරමුණ පැහැදිලි කරන ලදී. ‘බෞද්ධ විවාහය’ ග්‍රන්ථය 2013 ජන 19 වැනි දින ජාඇළ වැලිගම්පිටිය නේචර්ස් ආයතන ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙන අතර උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.