Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආශිර්වාදය පළ කරමින් එස්.එම්. චන්ද්‍රසේන පදනමේ පූර්ණ මෙහෙයවීමෙන් සහ සිවුහෙළ බෞද්ධ පදනමේ සහයෝගයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ පැවැත්වෙන බත් දන්සල දෙවන වර්ෂය සඳහා පසුගිය 14 වැනි දා ආරම්භ කෙරිණ. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගරුතර මහා සඟරුවනට දන් පිළිගැන්වීමට එක්ව සිටි අයුරු. උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහත්වරු ද මෙහි වෙති. -ඡායා: නලින් හේවාපතිරණ

බංග්ලාදේශ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිවුරු පූජා කිරීම

අන්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් අසරණතාවයට පත් බංග්ලාදේශයේ චිතගොං - රාමු ප්‍රදේශයේ විහාරස්ථානයන් හි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පූජා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව මෙරට වෙහෙර විහාරස්ථානයන්ගෙන් එක් රැස් කර ගන්නා ලද සිවුරු හා අටපිරිකර, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමියන් විසින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය නිල නිවසේ දී බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා මැතිනිය වෙත පසුගියදා පිරිනැමූ අවස්ථාව. බංග්ලාදේශයේ කර්මාන්ත අමාත්‍ය දිලීප් බරුවා, ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී බුද්ධික සංජීව, බංග්ලාදේශයේ ශශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ චින්තක දික්කුඹුර යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
- ඡායාරූපය: බංග්ලාදේශ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.