Print this Article


තෑගි බෙදාදීමේ මහෝත්සවය

තෑගි බෙදාදීමේ මහෝත්සවය

ගල්කිස්ස, තෙලවල විජය රූපාරාම ධර්මායතනය මඟින් පවත්වනු ලබන දම්පහන දහම් පාසලේ සිසු දරු දැරියන්ගේ කලා කුසලතාවයන් එළිදැක්වීම, තෑගි ප්‍රදානය කිරීම සහ සිව්පුද්ගල උපහාර පිදීමේ මහෝත්සවය මේ මස 29 වන සෙනසුරාදා සවස 2.00 ට ධර්මායතනාධිපති සහ ප්‍රධානාචාර්ය ‘ශාසන කීර්ති ශ්‍රී’ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද කොළඹ, මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති ගාලු කොළඹ දෙදිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත බළංගොඩ සෝභිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, පූජනීය මහා සංඝරත්නයේ, ආරාධිත ප්‍රභූන්, දෙමව්පියන් හා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මෙම පින්කම විජයරූපාරාම ධර්මායතනයේදී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.