Print this Article


රුවන්වැලි සෑ රදුන් අබියස මහා පින්කමක්

රුවන්වැලි සෑ රදුන් අබියස මහා පින්කමක්

රටටත්, රටවාසී සැමටත් සෙත්පතා අනුරාධපුර, රුවන්වැලි සෑ රදුන් අබියස වාර්ෂිකව සිදු කරන පංචශතාධික අටපිරිකර සහිත පුෂ්පපූජා, ගිලන්පස පූජා, බෝධි පූජා ආදී පූජා භාණ්ඩ රැසක් පූජා කිරීමේ මහා පින්කම දෙසැම්බර් 28 වැනි දා සවස 6.00 ට පැවැත්වේ.

කුරුවිට ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, කුරුවිට, ‘සුඛෝදය’ සමාජ සේවා ආයතනයේ අධ්‍යක්‍ෂ, රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති හේනේපොල සුමනජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන්, අමුවල ශ්‍රී සුමනාරාමය, කුරුවිට වතුයාය ශ්‍රී අභිනවාරාමය හා කුරුවිට සුඛෝදය සමාජ සේවා ඒකකය මේ පින්කම සංවිධාන කරයි. පූජාව මෙහෙයවනු ලබන්නේ ශාස්ත්‍රපති පන්නල ඤාණාලෝක හිමියන් විසිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නා හිමි, රුවන්වැලි චෛත්‍යාරාම විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමි, කුරුවිට ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති කාහේන්ගම ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිපති දොඩවෙල විජයඥාන නා හිමි, රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නා හිමියෝ විසින් විශේෂ අනුශාසනා පවත්වනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.