Print this Article


සම්මානයෙන් පිදුම් ලබති

සම්මානයෙන් පිදුම් ලබති

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදලේ සංවිධායකත්වයෙන් පවත්වන ලද මැදරට අභිමාන උපහාර උළෙල පසුගියදා මහනුවර ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් මහාමාත්‍ය සරත් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.

ශාස්ත්‍රඥයින්ගේ ක්‍ෂේත්‍රය වෙනුවෙන් මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක නිලන්නෝරුව පුරාණ විහාරය හා මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය යන විහාරයන්හි අධිපති ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නා හිමියන් පිදුම් ලැබූහ. ලේඛක හිමි නමක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටින උන්වහන්සේ ග්‍රන්ථ කතුවර හිමි නමක්ද වන අතර මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ හා පල්ලේපොල ප්‍ර.ශා.බ. මණ්ඩලයේ ප්‍රධාන සභාපතීත්වයද උසුලති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.