Print this Article


මසක කාලයක් පුරා පිරිත් දේශනයක්

මසක කාලයක් පුරා පිරිත් දේශනයක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට, රජයට, රටට, ජනතාවට තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කෙරෙමින් මාසයක් එක දිගට පිරිත් දේශනා කිරීමේ හා දිනපතා ආගමික වතාවත් සිදුකිරීමේ විශේෂ ආශිර්වාද පින්කමක් තංගල්ල හේනකඩුව පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙනු ඇත. පසුගිය දෙවැනිදා රාත්‍රී පිරිත් දේශනාව පවත්වමින් පින්කම ආරම්භ විය. විහාරාධිපති රුහුණු මාගම්පත්තුව ප්‍රධාන සංඝනායක වීරකැටියේ නාලක නා හිමියන්ගේ අනුශාසනා යටතේ විහාරස්ථ දායක සභාව පින්කම සංවිධානය කරයි.

1818 වර්ෂයේ ඉදිකරන ලද විහාස්ථානයේ චෛත්‍යයේ කොතේ රත්තරන් ආලේප කොට අලුතෙන් චූඩා මාණික්‍යයක් පළඳවා කොත නිරාවරණය කිරීමද සිදු කෙරෙයි. මෙම කාර්යයන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුවීමට නියමිතය. - හම්බන්තොට දිස්ත්‍රික් සමූහ


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.