Print this Article


බෙන්තොට මහා කාශ්‍යප දළදා මහා පෙරහර

බෙන්තොට මහා කාශ්‍යප දළදා මහා පෙරහර

ශ්‍රී අනුබද්ධ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතූන් වැඩ සිටින ඓතිහාසික ගලතුරුමුල හෙවත් ගලපාත රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන මහාකාශ්‍යප දළදා පෙරහර මේ මස 27 වෙනි පුන්පෝදා රාත්‍රී අත්‍යාලංකාරයෙන් බෙන්තොට රජමාවත වටා වීදි සංචාරය කෙරේ.

එය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සීගිරියේ අනෝම හිමියන්ගේ මූලිකත්වයෙන් 35 වෙනි වරටත් පැවැත්වේ. අලි ඇතුන් සමඟින් උඩරට පහතරට නැටුම් වලින් ලී කෙළි සෙල්ලම් පන්තේරු, කාවඩි, කොහොඹ කලේ ආදී වශයෙන් විශාල නැටුම් කණ්ඩායම් වලින් සමන්විතව මෙම දළදා පෙරහර පැවැත්වේ.

ගාල්ල කොළඹ මාර්ගයේ 39 වෙනි කණුව පසුකර ඇල්පිටිය පාරේ සැතපුම් 1 1/2 ක් දුරගොස් ආරච්චිමුල්ල මංසන්ධියේ සිට සැතපුමක් දුර ගෙවා බෙන්තොට රවුම් පාරේ ගියවිට ගලපාත විහාරස්ථානයට පිවිසිය හැක. - බෙන්තොට, සිරිල් ජී. ගමගේ


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.