Print this Article


මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය ඉකුත් දා පදනමේ නිර්මාතෘ ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 01 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී සිදු කෙරිණි. අඩු ආදායම්ලාභී පවුල් වලින් තෝරාගත් වෛද්‍ය ශිෂ්‍යයින් 40 දෙනකු සඳහාත් විශේෂ හේතූන් මත තෝරාගත් පාසල් සිසුන් දෙදෙනෙකු සඳහාත් මෙවර ශිෂ්‍යත්ව පිරිනමන ලදී. මෙම වසරේ පිරිනමන ලද ශිෂ්‍යත්ව 42 සමඟ සිසු සිසුවියන් 150 දෙනෙකු සඳහා පදනම මඟින් ශිෂ්‍යත්ව පිරිනැමේ.

කොළඹ 01 ශශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය වාව්වේ ධම්මරක්‍ඛිත හිමි, පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ විතාරන්දෙණියේ මේධානන්ද හිමි, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී මහගම සුනීත හිමි ඇතුළු මහාසංඝරත්නය, සුමනා ජයතිලක මහත්මිය සහ ඩබ්.එස්. ගුණතිලක මහතා එම අවස්ථාවට සහභාගි වූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.