පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය කේන්ද්‍රකර ගවේෂණයක් සිදුකරනු ලැබුවහොත් ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් තවදුරටත් අනාවරණය කර ගැනීමට හැකිවනවා පමණක් නොව එමඟින් ඉතිහාසයේ මෙතෙක් පැවැති ගමන් මඟ වෙනස්වීමට ද ඉඩ ඇති බව ඇතැම් උගතුන්ගේ මතය වී ඇත. මෙහි ඇති, දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද චෛත්‍ය ගරාවැටි තිබූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සංරක්‍ෂණය කරනු ලැබ තිබේ. තවද උසම ටැම්පිට විහාරය ඉදිකර ඇත්තේ ද මෙම විහාර භූමියේ ය. මහනුවර යුගයේ ප්‍රාදේශීය පාලකයකු විසින් මෙය කරවන ලදැයි සැලකේ. එමෙන්ම වසර දෙසියයක් පමණ පැරැණි ධර්ම ශාලාවක්ද මෙහි තවමත් නිරුපද්‍රිතව දක්නට තිබේ. මේ අතර මෙම ස්ථානය වරින් වර නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බැවින් දැනට මෙහි පොලිස් ආරක්‍ෂාව යෙදවීමට ද සිදුව ඇතැයි විහාරාධිපති හිඟුරුවැවේ පියරතන හිමියෝ පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ ඇඹරැල්ල රජමහා විහාර භූමියේ සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ කටයුතුවලදී එහි ඓතිහාසික වටිනාකම වඩාලාත් රැකෙන පරිදි ක්‍රියාකිරීම සුදුසු බවයි. එය අනාගත පරපුර වෙනුවෙන් මෙපින්බිම රැක ගැනීමේ දී අප සතු මහඟු යුතුකමද වේ.
|
||
|
©
2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම |