Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බණ්ඩාරගම – ගල්තුඩේ ගලකන්දේ ශ්‍රී මහා විහාරය, වෑවිට ශ්‍රී පූර්වාරාමය යන උභය විහාරාධිපති කළුතර බණ්ඩාරගම ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී ගල්තුඩේ පඤ්ඤාකිත්ති නා හිමියන්ගේ පැවිදිබිමට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් ගල්තුඩේ තරුණ කැළ විසින් උපහාර උත්සවයක් පවත්වන ලදී. බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින්ද උන්වහන්සේට තිළිණයක් පිරිනැමූ අතර තිළිණය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී.කේ.ටී. පෙරේරා මහතා විසින් පිරිනැමූ අයුරු. ඡායාරූපය: අළුබෝමුල්ල සමූහ, ජී.ජී.වික්‍රමසූරිය

ජර්මන් ධර්මදූත සංගමයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 23 වැනිදා පින්කමක් සංවිධානය කැරිණි. එයට සහභාගි වූ නියෝජ්‍ය සභාපති ඩබ්. පණ්ඩිතරත්න, කාරක සභික මේජර් ජෙනරාල් සාරදා අබේරත්න, ලේකම් සේනක වීරරත්න, භාණ්ඩාගාරික එච්.කලුබණ්ඩා, ජයග්‍රහණය ශ්‍රී ලංකා පදනමේ පිරිස සහ මහාචාර්ය ඒ.ටී.ඩී.ඊ. පෙරේරා, ගුණසේකර සහ හේමන්ත රණවක මහත්වරු ද මෙහි වෙති.

පිළියන්දල වෑවල දහම් පාසල් මාවතේ සුමේධා ශීලමාතාශ්‍රමයේ අලංකාර මැඳුරක් සමඟ අභිනවයෙන් ඉදිකරන ලද සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ප්‍රතිමාව පසුගියදා නිරාවරණය කෙරිණි. ආරාමාධිපති සුමේධා සිල් මෑණියන්ගේ උපදෙස් පරිදි තුම්බෝවිල පොකුණ පාරේ පදිංචි ඒ. ආනන්ද පෙරේරා මහතා තම මියගිය බිරිඳ නන්දා සෝමලතා මහත්මියට පින් පිණිස සිය ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකරවන ලදී. මෙහි සියලු පිළිරූ අඹා ඇති නිර්මාණයන් ය. ඡායාරූපය: කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.