Print this Article


භික්‍ෂූන් වහන්සේ සඳහා ඉංගී‍්‍රසි භාෂාව හා බුද්ධ ධර්ම පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

භික්‍ෂූන් වහන්සේ සඳහා ඉංගී‍්‍රසි භාෂාව හා බුද්ධ ධර්ම පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

අධ්‍යාපන සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ අධීක්‍ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ පෞද්ගලික මෙහෙයවීමෙන් නොමිලයේ ආරම්භ කර ඇති භික්‍ෂු ඉංගශ්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘති ලබන වසර සඳහා භික්‍ෂූන් වහන්සේලා ඇතුලත් කර ගැනීමට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

මෙම පාඨමාලාව සඳහා ඉංගී‍්‍රසි ලිවීම, කියවීම, ඉංගී‍්‍රසි භාෂාවේ මූලිකාංග සහිත ව්‍යාකරණ, නිවැරදි භාෂා භාවිතය, බුද්ධ ධර්මය මුල සිට ඉතා සරලව ඉගැන්වීම සිදු කරන අතර ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපිටක සූත්‍ර පරිවර්තනයද ඇතුළත් වේ.

මේ සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව මේ හරහා ලබාදෙනු ලබයි.

සය මාසික මූලික පාඨමාලාව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සවස 3.00 සිට 6.00 දක්වා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දී පැවැත්වෙන අතර අයදුම්පත් ජනවාරි මස 10 දිනට පෙර මොහාන් ලාල් ග්‍රේරු පදනම, අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතු ය. වැඩි විස්තර 071 6183760 අංකයෙන් ලබාගත හැකි බව කියයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.