UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය
තථාගතයන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වූ ඇය සිටු දියණියකි. තම දෙමාපියන් සහ ස්වාමිපුරුෂයාත් එකම සහෝදරයාත් එකමදා මිය යෑමෙන් සෙනෙහෙබර ලෝකය අහිමිවූ අසරණ කාන්තාවකට බුදු පිහිට ලබා සුවපත් වූවාය. මේ විපතට පත් කාන්තාව කවුද ? බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතුවී පෙනුණිද ?

පිළිතුර
සිය ආදරණීය ලෝකය පමණක් නොව ඇඳි වත පවා අහිමි වූ පටාචාරා නම් වූ ඇය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් මෙහෙණ සසුනට ඇතුළත්ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් වහන්සේලා අතුරෙන් අග තනතුරු ද ලැබූහ.

ප්‍රශ්නය
අෂ්ට ඵල රුහ බෝධි නමින් ශ්‍රී ලංකා වංස කථාවට එක්වූ සිදුවීම කුමක්ද ?

පිළිතුර
මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් දේවානම් පියතිස්ස රජු වෙත භාර කරන ලද අනුරාධපුර ජය ශ්‍රී බෝධින් වහන්සේගෙන් බෝ අංකුර අටක් ඇති විය. ඒ පැළ අට ලංකාවේ ස්ථාන අටක රෝපණය කළේය. ඒ මෙසේය.

දඹකොළ පටුන ( යාපනය )
නිවත්තක බමුණුගම
ථූපාරාමය
ඉසුරුමුනිය
පඨමක චේතිය
මිහින්තලය
සඳුන්ගම
කතරගම
මේ සියල්ල අෂ්ට ඵලරුහ බෝධි නම් විය.

ප්‍රශ්නය
“පුඤ්ඤ” පින් යනුවෙන් පෙළ දහමෙහි හැඳින්වෙන්නේ කුමක්ද ?

පිළිතුර
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ “පුඤ්ඤාභිසන්ද” සූත්‍රයට අනුව තෙරුවන් සරණ යාමත් පන්සිල් රැකීමත් පින් ඉපදෙන ( පුණ්‍ය ක්‍රියා ) වශයෙන් දක්වයි. පස් පවින් වැළකීම පින් වශයෙන් සැලකීම හේතුවන කරුණ මෙම සූත්‍රය පැහැදිලිව සඳහන් කරයි. ප්‍රාණඝාතයෙන් වැළකන ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සÀවයනට අභය දෙයි. පාණාතිපාතා පටිවිරතො අරිය සාවකො අපරිමාණං සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අව්‍යාපජ්ජං දෙති,” අවෛරය දෙයි. නිදුක්බව දෙයි. මේ දුන් දානයන්ට තමන්ද හිමිකරුවෙකු වෙයි. (අව්‍ය පජ්ජස්ස භාගී හොති) දේවතා සංයුත්ත යේ ‘ වනරෝප’ සූත්‍ර දේශනාවෙහි මල් ඵල උයන් වතු වැවීම, වන වගාව, ඒ දඬු පාලම් කරවීම, පැන්හල්, පොකුණු, ගෙවල් කරවා දීම, රෑ දාවල් දෙක්හි පින් වැඩෙන සුගතියට මිනිසා ගෙන යන ක්‍රියා ලෙස හඳුන්වයි. ඒ අනුව පින්වත් මිනිසා සමාජආර්ථික ක්‍ෂෙත්‍රයෙහි ප්‍රබුද්ධ ක්‍රියාකාරී පුද්ගල වශයෙන් බුදුසමය සලකනු ලැබේ.

ප්‍රශ්නය
බුදු දහම ලොවුතුරා පරමාදර්ශී නිවන් සුවපතා යන මාවත අවධාරිත වුවද ඒ නිසාම වර්තමානික ලෞකික මිනිස් සබඳතා අමතක කොට නැත. නිදසුනක් වශයෙන් ස්ත්‍රී පුරුෂ සුසංයෝගය ( එකතුව ) පිළිබඳව අනාවරණය වූ අවස්ථා පෙළ දහමෙහි කොතෙකුත් දක්නට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
(ම: ව: පාලි ඉත්ථි පුරිස සුත්ත )

අංග අටකින් කාන්තාව හා පුරුෂයා සමවාය එක්වීම සිදුවන බව දේශනා පාලියෙහි එයි.

රූපෙන – රුව හේතුවෙන්
හසිතෙන - සිනහව
භිණිතෙන – කථා විලාසයෙන්
ගීතෙන – ගායනයෙන්
රුණ්ණෙන – හැඬීමෙන්
ආකප්පෙන – හැඩ රුවින්
පස්සේන - ස්පර්ශයෙන්
වන භංගෙන – තාවකාලික වෙන්වීමෙන්

 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]