ඈගල්ල රංකිතගල පුරාණ විහාරය
කැබිලිත්තාවල
සරත් සෝමපාල
පුවක්මොටේ සුගතඤාණ හිම් |
පොල්ගහවෙල සිට වදාකඩ හරහා නාරම්මල මාර්ගයේ ඈගල්ල ග්‍රාමයේ කුඩා
ගල්තලාවක් මත පිහිටි රමණීය විහාරස්ථානයකි. විහාරයට ඇතුල්වන අයකුට
මාර්ගයේ සිට පළමුවෙන් දිස්වන්නේ චෛත්‍ය රාජයාය. එය වසර 70 – 80 අධික
පැරැණියැ’යි සිතිය හැකිය.
විහාරස්ථානයේ පිහිටි බෝධි රාජයාණන් වහන්සේ වසර 700කට අධික පැරැණි බව
විහාරාධිපති නාහිමියෝ පවසති. නිරන්තරයෙන් පුද පූජා පවත්වන මෙම
බෝධින්වහන්සේ ගම්වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍රවී ඇත. විහාරස්ථානයේ
පෞරාණිකත්වය රැඳී ඇත්තේ මෙම බෝධි ප්‍රාකාරයේ සහ චෛත්‍ය ආරක්ෂාවට ඉදිකර
ඇති පවුර නිසාය.
විහාර මන්දිරයේ නුවර යුගයට අයත් චිත්‍ර හා ප්‍රතිමා නිර්මාණයෙන්
විචිත්‍රවත්ව ඇත. ඒ අනුව මෙම විහාරය නුවර යුගයට අයත් විහාරස්ථානයක්
ලෙසට සිතිය හැකිය.
මෙම විහාරස්ථානයේ සඟ පරපුර ආරම්භ වන්නේ දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන
සංඝනායක දඹදෙණියේ පියදස්සි නාහිමිපාණන් වහන්සේගෙන්ය. ඊට පෙර මෙම
විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගේ තොරතුරු විරලය. පියදස්සි
නාහිමියන්ගෙන් පසුව ඈගල්ලේ අත්ථදස්සි නාහිමි. තියඹරා හේනේ සුමනසාර
නාහිමි, වඩුවාවේ සුමංගල නා හිමි. කොටගේපිටියේ සිරිසුමන හිමියන්ගේ
අප්‍රතිහත උත්සාහය හා කැපවීම නිසා නව විහාර මන්දිරයේ වටදාගෙයේ කටයුතු
නව ආරාම ගොඩනැගිල්ල විහාරමලුවේ ආරක්‍ෂක බැම්ම නිර්මාණය වූ අතර
උන්වහන්සේ වසර 9 පමණ පොල්ගහවෙල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි
ලෙසද වසර 35 පමණ කාලයක් පාසල් ධර්මාචාර්ය ගුරුවරයෙකු වශයෙන්ද සේවය කර
ඇත.
විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරන පුවක්මොටේ සුගතඤාණ ස්වාමීන් වහන්සේ
බෞද්ධ කටයුතු සමායෝජක වශයෙන් බුලත් කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සේවය කරති. කැබිලිත්තාවල එක්සත් සුබසාධක සමිතිය. ඈගල්ල වදාකඩ
එක්සත් සුබසාධක සමිතිය මෛත්‍රි අවමංගල්‍යාධාර සමිතිය. වදාකඩ වත්ත
සුබසාධක සමිතිය හස්ති මිතුරු සමාජයේද අනුශාසක වශයෙන්ද හිමියෝ් කටයුතු
කරති.
සතර පේරුවේ දායක පිරිසගේ දායකත්වය ලබාගෙන උන්වහන්සේ විහාරයේ දියුණුව
සඳහා කටයුතු කරන අතර ප්‍රදේශයේ දු දරුවන්ගේ දහම් දැනුම දියණු කිරීම
සඳහා විහාරස්ථානයේ පිහිටි දහම් පාසලේ මේ වන විට සිසු සිසුවියෝ 200කට
ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති. 1983 වසරේ සිට 2000 වසර දක්වා මෙම
දහම් පාසල ප්‍රාදේශීය දහම්පාසල් අතර ප්‍රමුඛස්ථානයක් ලබාගෙන ඇත. එයට
අමතරව පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා විහාරස්ථානයේ මග පෙන්වීම මත
‘දිමුතු’ පෙර පාසල පවත්වාගෙන යනු ලබයි.
|