Print this Article


සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඉදිකෙරේ

සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඉදිකෙරේ

රුවන්වැල්ල හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය කේන්ඳ්‍රිය කැරගෙන අඩි අසූවක් දිග ලොව විශාලතම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට එම විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක නාරංගස්තැන්නේ ධම්මකිත්ති නාහිමියෝ කටයුතු යොදා ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා මුදලෙන් රුපියල් කෝටි හත හමාරකට අධික මුදලක් වැයවේ. එම සැතපෙන බුද්ධ ප්‍රතිමාව නෙලීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ගල් වඩුවන් යොදා ගැනීම විශේෂ සිදුවීමකි.

වසර තුනකින් නිමකිරීමට අපේක්‍ෂිත මේ බුද්ධ ප්‍රතිමාව නෙලීමේ කමිටුවේ සභාපති විදුලි සංදේශ තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, ලේකම් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් නිල්වල මහත්වරු කටයුතු කරති.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.