Print this Article


ගංගොඩවිල සෝම හිමි සමරුවට වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම්

ගංගොඩවිල සෝම හිමි සමරුවට වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් මෙම 12 වන දා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම් රැසක් පැවැත්වේ. ඒ අනුව 12 වනදා පස්වරුවේ ප්‍රදීප පුජාවක් ද 15 වන දා ජනවිජය සමුළුවද 25 වන දා දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාව ද පැවැත්වේ. අම්පිටියේ සිරි රාහුල නාහිමියන්ගේ 99 වැනි ජන්ම දිනයද යෙදී ඇති එදින උන්වහන්සේට දිගාසිරි පැතීමද සිදු කැරේ.


ගංගොඩවිල සෝම හිමි සමරා පින්කමක්

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වන ගුණානුස්මරණය නිමිත්තෙන් පින්කම් මාලාවක් වත්තල, හුණුපිටිය ධර්මාරාමයේ දී පැවැත්වේ. ඒ අනුව මෙම මස 15 දින රාත්‍රී 8.00 ට ශ්‍රී ධර්මාරාමයේ දී සන්නස්ගම බුද්ධපිය හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වේ. බත් දන්සැල මෙම 16 දින සවස 5.00 සිට ශ්‍රී ධර්මාරාම මාවතේ දී පැවැත්වේ.

වනවාසල තරුණ කැල මඟින් එය සංවිධානය කර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.