Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය සහිත සිව් මහල් ගොඩනැගිල්ල, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අතින් විවෘත කළ මොහොත. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, බැසිල් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්‍ෂ මහත්මියද විහාරාධිපති, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, විතාරණ්දෙනියේ මේධානන්ද හිමි, මුරුංගා ගස්යායේ ඤාණිස්සර නා හිමි ඇතුළු මහ සඟරුවන ඊට සහභාගි වූහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝ සමිඳුන් අබියස සති පිරිත් පින්මක් සහ දානමය පින්කමක් පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරුමැද පළාත් සභාව සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතවල දායකත්වයෙන් පින්කම් මාලාව සිදුකෙරිණි. සති පින්කම අවසන් දිනය වූ ඉකුත් 18 වැනිදා ජය ශ්‍රී මහා බෝරදුන් අබියස බෝධිපූජා, බුද්ධ පූජා සහ දොරකඩ අස්න සහිත සති පිරිත් පින්කම සහ පසුදින සියක් නමක් විෂයෙහි වූ සපිරිකර සහිත සංඝගත දක්ෂිණාව මහජන බැංකුව, පීපල්ස් ලීසිං සමාගම සහ පීපල්ස් මර්චන්ට් මුල්‍ය සමාගම දායකත්වයෙන් පැවැත්විණි. පින්කම අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, මහ ඇමැති එස්.එම්. රංජිත්, උතුරැ මැද පළාත් සභා අමාත්‍යවරුන්වන එච්.බී. සේමසිංහ, කේ.එච්. නන්දසේන යන මහත්වරු සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා සහභාගි වූහ. මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව මහතා අධ්‍යක්ෂ අජිත් පණ්ඩිතරත්න ප්‍රධාන විධායක නිලධාරි සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්, පීප්ල්ස් ලීසිං සමාමේ ප්‍රධාන විධායක නිලධාරි, සාමාන්‍යාධිකාරි ඩී.පී. කුමාරගේ් මහතා සහ මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය ඇතුළු මහජන බැංකුවේ කාර්ය මණ්ඩලයේ පන්සියක පමණ පිරිසක් ද සහභාගි වූහ.

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්‍මාරාමයේ බෝධින් වහන්සේ වටා ඉදිකරනු ලබන රන්වැට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතින් ශුභ මොහොතින් ආරම්භ කළ අවස්ථාව. හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ 59 වෙනි ජන්ම දිනයට සමගාමීව සිදුවන ආගමික හා සමාජ සත්කාර වැඩසටහන්වලට සම්බන්ධව එදින මෙම රන්වැට නිමකර විවෘත කිරීමටද විධිවිධාන යොදා ඇත.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කලාවේදියෙකු හා ග්‍රන්ථ කතුවරයෙකු ලෙස සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂාවෙන් බුදුදහම ලොව ව්‍යාප්ත කිරීම උදෙසා ප්‍රේමසර ඈපාසිංහ මහතා විසින් කරන ලද සේවාව අගැයීම වස් කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හමියන් විසින් ඒ මහතාට කෝට්ටේ රජමහ විහාර උපෝසථාගාරයේදී “සන්නිවේදන ශූරී ධර්මප්‍රිය” යන ගෞරව සම්මානය පිරිනැමූ අවස්ථාව.

කළුතර දකුණ පන්විල හේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරයේදී පසුගියදා එකම පවුලේ නිවුන් කුල දරුවන් දෙපළක් සසුන් ගත විය.
කළුතර දකුණ බෞද්ධ ආරක්‍ෂක පදනමේ විධායක අධ්‍යක්‍ෂක මාගල්කන්දේ සුදත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා කළුතර තොටමුණේ හා පාණදුර කෝරලයේ ප්‍රධාන සංඝනායක බේරුවල සාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් එස්. එම්. සුමුදු මධුෂාන් සහ එස්. එම්. සම්පත් මධුෂාන් යන නිවුන් දරුවන් අගලවත්තේ සුධීර, සහ අගලවත්තේ සුමණ හිමියන් ලෙස සසුන් ගත කළහ. - උපාලි බටුවත්ත කළුතර දකුණ

තිස් වසරක කුරිරු යුද්ධය නිමකර මාතෘ භූමිය ලැබූ නිදහස හා සාමය සැමරීමත් ඒ සඳහා කැප වූ රණ විරුවන් සිහිකරවීම උදෙසාත් අනුරාධපුර මහමෙව්නා පුදබිමේ ඉදි කෙරෙන සඳ හිරු මහා සෑයේ පේසා වළලු තුළ නිදන් වස්තු තැන්පත් කිරීම ඉකුත් 18 වැනිදා සිදුකළ අවස්ථාව. - ඡායාරූපය අමිල ප්‍රභාත් වනසිංහ


 

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.