Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කඩවත, ඉහළ බියන්විල, වැවරවුම් පාර අංක 372/1 හි පදිංචි කේ.එම්. පුබුදු නිශ්ශංක දරුවා (අවු. 14) දරුණු වකුගඩු රෝගයකින් පෙලේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 072 435 6474 දරන දුරකථන අංකයට දන්වා සිටින ලෙස ඉල්ලා සිටියි.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ආධාර මුදල් කොටුව ලංකා බැංකුව 9476886 (කේ.එම්. පද්මසිරි) ගිණුමට බැර කළ හැකි ය.



 


කොස්වත්ත පදිංචි 29 හැවිරිදි ඩී.එල්. තුෂාර යන අය අස්ථිවලින් ගෙඩි මතුවීමේ රෝගයකින් පෙළෙයි. ඔහුගේ පියාද ජීවතුන් අතර නැති අතර අම්මාද ඇදුම රෝගයෙන් පීඩා විඳියි. රෝගී තත්ත්වය නිසා ඔහු හට උකුල් ඇටයක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බවත් ඒ සඳහා රු. 850,000/- ක මුදලක් වැය වන බවත් කොළඹ මහ රෝහලේ වෛද්‍ය ජී.එල්. පුංචිහේවා මහතා පවසයි. ඒ සඳහා ඔබගේ ආධාර ඔහු අපේක්‍ෂා කරයි. ගිණුම් අංකය 172 2001 6002 77 74, මහජන බැංකුව බිංගිරිය ශාඛාවට මුදල් බැර කරන ලෙසත් දුරකථන අංක 072 6212 794 වැඩි විස්තර ලබාගත හැකි බවත් පවසයි.


වකුගඩු රෝගයේ පෙළෙන 19 වැනි වියේ පසුවන තරුණ අසාධ්‍ය රෝගියකු සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0112971598 දුරකථනයෙන් කාන්ති සිරිබද්ධන අමතන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.