Print this Article


ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක්

ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක්

රාජගිරිය, ගෝතමී පාර හි පිහිටි සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය මගින් ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

අතුරලියේ රතන හිමියන්ගේ අනුග්‍රහයෙන් හා බුදුසරණ පුවත්පත මාධ්‍ය අනුග්‍රහය යටතේ මෙම පාඨමාලාව ආරම්භ කෙරෙයි. පාඨමාලා කාලය මාස 3 කි. අඟහරුවාදා පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ද, සෙනසුරාදා පස්වරු 2 සිට 5. 30 දක්වා ද පංති පැවැත්වෙයි.

තරුණ භික්‍ෂූන් වහන්සේලා, දහම් පාසල් ගුරුවරු සහ ජාති ආගම් භේදයකින් තොරව තරුණ පිරිසගේ භාෂා පුහුණු වැඩිදියුණු කිරීම සඳහා මෙම ශිෂ්‍යයත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

වැඩි විස්තර ලේකම්, සදහම් සෙවන, ගෝතමී පාර රාජගිරිය ලිපිනයට හෝ අංක 0112882198 / 0777342568 දරන දුරකතන අංකයන් හෝ [email protected] ලිපිනයෙන් වැඩි විස්තර දැනගත හැකිය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.