Print this Article


ජනපතිට සෙත් පතා ලේක්හවුස්හිදී පින්කම්

ජනපතිට සෙත් පතා ලේක්හවුස්හිදී පින්කම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාට හා රටට සෙත් පතා නොවැම්බර් 18 – 19 යන දිනවලදී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ලේක්හවුස් ආයතනයේ දී 18 වන දා සර්වරාත්‍රික පිරිත් දේශනාවක් හා 19 වන දා අර්ධ ශතාධික සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් සිදු කෙරේ. එම පින්කම ලේක් හවුස් බෞද්ධ සංගමය මගින් සංවිධානය කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.