Print this Article


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කමක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කමක්

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි 12 වන වරට මේ මස 21 – 22 දිනවල විශේෂ පින්කම් මාලාවක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වේ. නොවැම්බර් 21 වන දින සවස 6.30 ට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රණීත ගිලන්පස බුද්ධ පූජාවකි. 22 වන දින උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වනු ලබන අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාවකි. ඉන්පසුව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.