UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>
සිරිමිත්ත මහ රහතන් වහන්සේගේ ථෙර ගාථා - 1

ශෝක නොකරන ජීවිතයක් ඇති කර ගනිමු

අපත් ශෝක නොකරන අය බවට පත්වෙන්ට කැමැතියි නම්, ඒ සඳහා වුවමනා කරන ගුණාංග තමයි මේ පෙන්වා දෙන්නෙ. එවිට මෙතන නිවන් මඟ සුගතියට මඟ, එහෙම නැත්නම් ශෝක නොකර ඉන්න ජීවිතයකට මඟ කියාදෙනවා. ඒවා තමයි අප තේරුම්ගත යුත්තේ. ඒවාට තමයි අප පැහැදිය යුත්තේ,අන්න ඒ ධර්මයන් පුහුණු කරන්ට තමයි අප සිත පිහිටුවාගත යුත්තෙ. එවිට මෙබඳු ධර්මයන් කෙරෙහි යම්කෙනෙක් පැහැදුණොත්, එයා පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ අපට කියා දෙන්නේ, මේ ජීවිතයේ සැප මත ජීවිතයේ සැප, ඒ වගේම පරිපූර්ණ සදාකාලික සැප උපදවාගන්නා ආකාරයයි

සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි, භාහිරින් දකින දේ හරය විදිහට සැලකීම, ඒ සාමාන්‍ය ස්වභාවය ඉක්මවල කටයුතු කරන්න අප දක්ෂවෙන්ට ඕනෑ. ඇතැම් අය ථෙර ගාථා කියවල, ඒ කියන දේ හරිහැටි තේරුම් නොගන්න අවස්ථා තියෙනවා. ථේර ගාථාවල කියවෙන්නේ ඒ අපරාජිත මුණිවරුන්ගේ සිතේ හටගත් පී‍්‍රති ප්‍රමෝදය, නිදහස් බව, විමුක්ති සුවය, ඒ නිර්භීතබව, එහෙම නැත්නම් ඒ සිත්වල ඇතිවන පහන්බව, සුවපහසුව ආදි ස්වභාවයන් ගැන ප්‍රකට කරන අදහස්, එවිට නිවන් සුව කැමැති කෙනෙකුට මගපෙන්වීමක්, දිරිගැන්වීමක්, නිවන් මග එක එල්ලේම පෙන්වාදීමක් එතන තියෙනවා. ඒ වගේම වීරිය උපදවා දීමක් එතන තියනව.ඊළඟට යම් යම් ගැටලුවලට විසැඳුම් සොයාගන්ට පුළුවන් ආකාරයන් ඒවා තුළ ගැබ් වෙලා තියෙනවා. ඒ දේවල් තමයි අප ලබාගත යුත්තේ. ඒ නිසා බාහිරින් යමක් දැකල ඒක හරය විදිහට ගන්න ස්වභාවය දුරුකරගන්න කල්පනා කරන්න. භාහිරින් කිසිදෙයක් මනින්ට එපා.එහෙම වුණොත් අපට මේ ගම්භීර ධර්මය කරා යන්ට බැරිව යනව.

සිරිමිත්ත මහරහතන් වහන්සේගේ ථෙර ගාථාවල උන්වහන්සේ අපට කියා දෙනව මේ විදිහට “ක්‍රෝධ කරන්නේ නැතිනම්, වෛර බදින්නේ නැතිනම්, මායා නැතිනම්,කේලාම් කියන්නෙ නැතිනම්, එයා ඇත්තෙන්ම පරලොව ශෝකකරන්නේ නෑ කියල” එවිට පරලොව ශෝක කරන්නෙ නැත්නම් එයා මෙලොව ශෝක කරයිද? පරලොව ශෝක කරන්නෙ නැති කෙනා, මෙලොව ශෝක කරන්නෙත් නෑ. මෙලොව ශෝක කර කර නම් ඉන්නේ එයා පරලොවේදි ශෝක නොකිරීමක් ගැන කතාකරන්ට අමාරුයි. එවිට බලන්න පරලොවදි ශෝක නොකරන කෙනාගේ ස්වභාවය මොකක්ද? ක්‍රෝධ කරන්නේ නැත්නම්, වෛර බඳින්නේ නැත්නම්, මායා නැත්නම්, කේලාම් කියන්නෙ නැත්නම් අන්න එහෙම කෙනා තමයි ඇත්තෙන්ම පරලොව ශෝක නොකරන්නෙ.

අපත් ශෝක නොකරන අය බවට පත්වෙන්ට කැමැතියි නම්, ඒ සඳහා වුවමනා කරන ගුණාංග තමයි මේ පෙන්වා දෙන්නෙ. එවිට මෙතන නිවන් මඟ සුගතියට මග, එහෙම නැත්නම් ශෝක නොකර ඉන්න ජීවිතයකට මඟ කියාදෙනවා. ඒවා තමයි අප තේරුම්ගත යුත්තේ. ඒවාට තමයි අප පැහැදිය යුත්තේ,අන්න ඒ ධර්මයන් පුහුණු කරන්ට තමයි අප සිත පිහිටුවාගත යුත්තෙ. එවිට මෙබඳු ධර්මයන් කෙරෙහි යම්කෙනෙක් පැහැදුණොත්, එයා පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ අපට කියා දෙන්නේ, මේ ජීවිතයේ සැප මත ජීවිතයේ සැප, ඒ වගේම පරිපූර්ණ සදාකාලික සැප උපදවාගන්නා ආකාරයයි.

එහෙනම් බලන්න මෙතන පරලොවදි ශෝක නොකරන කෙනෙක් බවට පත්වෙන්නේ කොහොමද? කියල කියාදෙනවා. පරලොවදි ශෝක නොකරන කෙනා මෙලොවදී ශෝක කරන්නෙත් නෑ නේද? එයාට මෙලොවදී ශෝක කරන්න දෙයක් නෑ. එහෙනම් හොඳට ඒ කාරණා ඉගෙනගෙන, මතක තියාගෙන, පුරුදුකරන්ට අප දක්‍ෂවෙන්ට ඕනෑ. ඊළඟට උන්වහන්සේ කියා දෙනව, “ක්‍රෝධ නැතිව, වෛර නැතිව, මායා නැතිව, කේලාම් කියන්නේ නැතිව, හැමතිස්සේම තමන්ගේ ඉඳුරන් පාලනය කරගෙනම එයා ඉන්නේ, ඇත්තෙන්ම එයාට පරලොව ශෝකකරන්ට දෙයක් නෑම කියල පැහැදිලියි නේද? අපට කියාදෙන දේවල් එහෙනම් පරලොවදී ශෝකකරන්ට වෙනවා නම්, ඒ මොනව තිබුණොද්ද? ක්‍රෝධ කළොත්,වෛර කළොත් මායා තිබුණොත් කේලාම් කිව්වොත්, ඒ වගේම සැමවිටම ඉන්ද්‍රියන් අසංවර කරගෙන වාසය කළොත් අන්න එයාට පරලාවදි ශෝකකරන්ට සිද්ධ වෙනව.මෙලොවදී ශෝක රහිතව වාසය කිරීමකුත් නෑ. එහෙනම් අප මේ ධර්මයන් ඉගෙනගෙන, ඒ ධර්මයන් පුරුදු කරගන්ට ඕනෑ.

ඊළඟට අපට කියාදෙනවා, “ක්‍රෝධ නැතිව, වෛර නැතිව මායා නැතිව කේලාම් කියන්නෙ නැතිව,ඉතා යහපත් සිල් ඇතිව නම් එයා ඉන්නේ ඇත්තෙන්ම එයාට පරලොවදී ශෝකකරන්ට දෙයක් නෑ කියල. එහෙමනම් අප ගොඩාක් උනන්දුවෙන් සීලය පුරුදුකරන්ට ඕනෑ. කොහොමද අප ගොඩාක් උනන්දුවෙන් සීලය පුරුදු කරන්නෙ? ක්‍රෝධය නැතුව වෛර නැතුව, මායා නැතුව, කේලාම් කියන්නෙ නැතුව, අන්න එහෙම තමයි සීලය යහපත් කරගන්ට තියෙන්නෙ. කෙනෙකුට මායා සහිතව, කේලාම් කියමින්, වෛර කරමින්,ක්‍රෝධය පවත්ව පවත්වා යහපත් විදිහට සීලය පුරුදු කරන්ට පුළුවන්ද? පුරුදු කරන්ට බෑ. එහෙනම් ක්‍රෝධය නැතිකරගෙන, වෛරය නැතිකරගෙන, මායා නැතිකරගෙන, කේලාම් කියන ස්වභාවය දුරුකරගෙන තමයි යහපත්ව සීලය පුරුදු කරගන්ට තියෙන්නෙ. අන්න එයාට පරලොව ශෝක කරන්ට දෙයක් නෑ.

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]