UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

කඨින පින්කම්

මහරගම ධර්මායතනය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වාර්ෂිකව සිදු කරනු ලබන කඨින මහා පින්කම මේ මස 17, 18 දෙදින අම්පිටියේ ශ්‍රී රාහුල නායක හිමියන්ගේ අවවාද පරිදි සිදු කෙරේ. 17 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පැවැත්වෙන අතර 18 වන දින අලුයම 5.30 කඨින වස්ත්‍රය රැගත් පෙරහර වීථි සංචාරය කෙරේ. ඉන් අනතුරුව අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් කඨින වස්ත්‍රය සඟසතු කිරීමත් දවල් අර්ධ ශතාධික සඟ සතු දානයත්, සවස 5.00 ට ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමියන් විසින් කඨිනානිසංස ධර්මදේශනාව පවත්වනු ලැබේ.

නවසිගහවත්ත ශ්‍රී ධර්මවිජයාරාමය

වැලිපැන්නගහමුල්ල නවසිගහවත්ත ශ්‍රී ධර්ම විජයාරාමයේ වාර්ෂික කඨින පින්කම කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක කර්මාචාර්ය ශාස්ත්‍රපති කහටවිල පේමරතන නාහිමියන්ගේ අනූශාසකත්වයෙන් මෙම මස 18 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. 17 දින රාත්‍රියේ සුමදුර දම්දෙසුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම (17) දා උදේ 6.00 ට සිදු කෙරේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර ඇත.

ඉඳුරුවේ සිරි නිවාසාරාමය

දකුණු කළුතර, පරණ පාරේ ඉඳුරුවේ සිරි අත්‍ථදස්සි මාවතේ සිරි නිවාසාරාම මහා විහාරස්ථ වාර්ෂික කඨින පූජෝත්සවය මේ මස 17 වෙනි සෙනසුරාදා දවස පුරා සිදු කෙරේ.

කහතුඩුව ශ්‍රී නන්දනාරාමය

කහතුඩුවේ ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ මේ වර්ෂයේ කඨින මහා පින්කම මේ මස 17 වැනිදා සෙනසුරාදා අලුයම් කාලයේ දී විහාරාධිපති කහතුඩුවේ විමලතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරේ.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම හා තෙවසරකට පෙර අපවත්වී වදාළ කොබවක ශ්‍රී සුමනාරාමාධිපති පස්යොදුන්රට ප්‍රධාන සංඝනායක ගරු නාරගල ශ්‍රී සුමනසිරි නායක හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම් මාලාව මේ මස 15 සිට19 වැනිදා දක්වා කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ගල්මුරුව සුනන්දාරාමය

දුම්මලසූරිය ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් මහා විහාරයේ වාර්ෂික කඨික පින්කම විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් නොවැම්බර් 13 වන දින සිදුකිරීමට නියමිතව ඇත.

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ වාර්ෂික කඨින මහ පින්කම මේ මස 17 වැනි දා සිට 25 වැනි දා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. 27 වැනිදා කඨින ආනිසංස ධර්ම දේශනාව උඩුදුම්බර ලංකානන්ද හිමියන් විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අකුරළ ශ්‍රී විජයාරාමය

අකුරළ ශ්‍රී විජයාරාමාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක නාරංඕවිට ආනන්ද නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 16 වැනි දින කඨින මහා පෙරහර අකුරළ ගම්මානයේ වීථි සංචාරය කරන අතර 17 වැනි දින අපවත් වී වදාළ අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක අකුරළ විමලතිස්ස නාහිමි සමරා සපිරිකර දක්‍ෂිණාවක් ද කඨින චීවරය පූජා කිරීමත් අකුරළ ශ්‍රී විජයාරාම මහා විහාරයේ දී සිදු කෙරේ.

පොත්ගුල් විහාරය

මහනුවර ශ්‍රීමත් අනාගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ අධිපති ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමිගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම නොවැම්බර් 17, 18 දිනවල පැවැත්වේ. 17 වෙනි දා සවස බෝධිපූජාව ඇතුළු ආගමික වැඩසටහන් මාලාවකි.

දෙවොල්කොන පුරාණ විහාරය

පේරාදෙණිය උඩ ඊරියගම දෙවොල්කොන පුරාණ විහාරයේ කඨින පින්කම නොවැම්බර් 12, 13 දිනවල ශාස්ත්‍රපති දුම්බර සෝරත හිමි ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

12 වෙනි දින සවස 6.00 අටවිසි ගිලන් පස පූජාවකි. ධර්ම දේශනාවකි.

වැරැල්ලාන නෙලුම්විල මහා විහාරය

වැරැල්ලාන නෙලුම්විල මහා විහාරාධිපති වැලිපොතයායේ ඤාණධජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 18 වැනි දින කඨින පින්කම පැවැත්වේ. 19 වැනි දින පෙරවරු කඨින චීවරය පූජා කිරීම හා සාංඝීක දානය පිරිනැමේ.

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]