UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

එක්සත් වෙමු

දෙමළ බෞද්ධ සංගමය ශ්‍රී ලංකාවේ (යාපනය) 1959 වසරේ ස්ථාපිත කරන ලදී. 3000 ක පමණ බෞද්ධයන් ප්‍රමාණයක් එහි සාමාජිකත්වය දරන ලද අතර, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මෙම සංගමයේ ක්‍රියාකාරකම් එවකට නවතා දමන ලදී. වර්තමානයේ මෙම සංගමය ආරම්භ කිරීමෙන් පසු දහස් ගණනක් සාමාජිකයෝ සාමාජිකත්වය ලබමින් සිටිති. සෙසු ආගම් වලට අයත් කිසිදු පුද්ගලයෙකු බෞද්ධාගම වෙත බලහත්කාරයෙන් හරවා ගැනීම අප අරමුණ නොවේ. නමුත්, බෞද්ධ ධර්මය හා එහි පූජනීයත්වය ශ්‍රී ලංකාව පුරා පැතිරවීමෙන් දැනට උදාවී ඇති සාමය ශක්තිමත් සාමයක් ලෙස පවත්වා ගෙන යාම අපගේ අරමුණ වේ.

බෞද්ධ ධර්මය යනු සත්‍ය වශයෙන්ම උසස් ධර්මයකි. ජීවත්වීමේ කලාව, මනුස්සයා තමාව මුළුමනින්ම තේරුම්ගෙන මෙම භූමියේ කෙසේ ජීවත්විය යුතුදැයි හා තමාගේ මනෝ ශක්තිය කෙසේ උසස් මට්ටමක පවත්වාගෙන යා යුතුද යන්න බෞද්ධ අපට කියා දෙයි.

ගෞතම බුදුන් බෞද්ධ ධර්මය තුළින් අපට කියා දුන් ඉතා වැදගත්ම දෙය භාවනාවයි. භාවනා ක්‍රමය නිසියාකාරව පුරුදු පුහුණු කළහොත් අපගේ මනෝ ශක්තිය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිවේ. මෙම භාවනා ක්‍රමයේදී අප විසින් අපට නොපෙනෙන දෙවියන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. තවද, දෙවියනි ඔබ මා වෙත පැමිණෙන්න. මා රැක බලාගන්න. මා හට ආශිර්වාද කරන්න. මා බේරාගන්න අයදින්නේ නැත. අල්ලස් දී දෙවියන් ගේ වරම් අපේක්‍ෂා කරන්නේ නැත. හිඟමන් යදින්නේ ද නැත. ඒ වෙනුවට අප සිත් තුළ පෙනෙන අදහස් දෙස ගැඹුරින් බැලීමට අප ආගම විසින් අපව නැඹුරු කර ඇත.

සිත යනු සිතිවිලි වල එකතුවකි. අනවශ්‍ය සිතිවිලි වලින් ඈත්වී ගැටලු රහිතව සමතුලිතතාවයෙන් අපගේ මනස පාලනය කර ගැනීම සඳහා බෝධි පූජා, භාවනා ක්‍රම නිරන්තරයෙන්ම අප හට මහත් ශක්තියක් ධෛර්යක් වේ. එය රුදුරු ත්‍රස්තවාදය දුරු කිරීමේදී රටේ සියලු බෞද්ධයන් විසින් සිදුකළ බෝධි පූජා, භාවනා සහ අධිෂ්ඨාන පූජා මඟින් මහත් ආශිර්වාදයක් සහ පිටිවහලක් ලබාදුන් බැව් අප විශ්වාස කරන්නෙමු. තවද, මනුෂ්‍යත්වයෙන් මිනිසුන් දෙස බලා මානුෂීය හැඟීම් නිසි පරිදි තේරුම් ගෙන යුද ජයග්‍රහණ ලබා ගැනීමට බෞද්ධාගම විසින් අප රණවිරුවන් හටද ධෛර්යයක්, ශක්තියක් හා ආශිර්වාදයක් ලබාදී ඇත.

හින්දු ආගමේ ද, බෞද්ධාගමේ මෙන් භාවනා ක්‍රම ඇත. තවද දේව සහ රූප වන්දනාවද ඔවුන් විසින් සිදුකරනු ලබයි. ඔවුන්ගේ ආගම අනුව තමාව මුළුමනින්ම තේරුම්ගත් අය හා තමා කවරෙක්ද යන්න තේරුම්ගත් අය පමණක් උසස් ස්ථානයක් ලබාගත් අය බවට සැලකෙන බැව් හින්දු ආගමේ කියා දෙනවා. බෞද්ධ ධර්මය යනු හින්දු ආගමේ ඉතා උසස් ස්ථානයක ලා සලකන ආගමකි. එනිසා හින්දු ආගමේ උසස් ස්ථානයක් ලෙස සලකන විෂ්ණු දෙවියන්ගේ උපතක් ලෙස බුදුන් වහන්සේ සලකනු ලබනවා. හින්දු හා බෞද්ධ ආගම් අතර ඉතා විශාල වශයෙන් එකමුතු භාවයක් සහ සම්බන්ධතාවයක් එකිනෙකට තිබෙනවා. අලුත් අවුරුද්ද අපි එකමුතුව සමරනවා. සංස්කෘතික හා ආගමික වශයෙන් අප තුළ එකමුතු භාවය තිබෙනවා. බෞද්ධයා හා හින්දු භක්තිකයන් අතර, ශක්තිමත් එකමුතු භාවයක් ඇති කරගතහොත් අපේ රට බාහිර බලපෑම් වලට යට නොවන ශක්තිමත් දේශයක් බවට පත්වනවා.

සංස්කෘතික හා ආගමික වශයෙන් ඉතා ළඟින් එකමුතු භාවයක් ඇති අප අතර මෙම සමගිය වර්ධනය කර ගැනීමට අප එකමුතු නොවන්නේ මන්දැයි මම සිතමි. අප එකමුතුව ජීවත් වුවහොත් අපට හොඳ අනාගතයක්, හොඳ ජීවන තත්ත්වයක් අපට නිසැකවම ළඟා කරගත හැකිය. එනම්, අප අතිගරු ජනාධිපති තුමන් අදහස් කරන ආසියාවේ ආශ්චර්යය වෙත අපට එකට යා හැක.

හින්දු සහෝදරවරුන්ට මා කියන්න කැමතියි දකුණු ප්‍රදේශයේ ජීවත් වන සිංහල බෞද්ධයන් හින්දු කෝවිල් ඉදිකිරීමට, නඩත්තු කිරීමට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. ඔවුන් හින්දු කෝවිල් නිතර වන්දනා මාන කරනවා. උදව් උපකාර කරනවා. යාපනයට පැමිණි විට ඔවුන් ප්‍රථමයෙන් යන්නේ නල්ලූර් කෝවිලට, බෞද්ධ විහාර වල හින්දු දෙවිවරුන්ගේ රූප අප නිතර දැක තිබෙනවා. එනම්, බෞද්ධ සහෝදරවරු නිතර හින්දු ආගම ගෞරවයෙන් ආරක්‍ෂා කර තිබෙනවා. නාග විහාර වන්දනාවේදී බෞද්ධයින් බුද්ධ වන්දනාවෙන් අනතුරුව ශිව, විෂ්ණු, මුරුගන්, පුල්ලෙයාර් වැනි දෙවිවරුන් උදෙසා පුද පූජා පවත්වනවා. නමුත්, අවාසනාවකට මෙන් හින්දු කෝවිල්වල බෞද්ධ පිළිම දැකීමට නැත.

මුළු ලොවේම නමස්කාරයට පාත්‍රවූ අප බුදුන් වහන්සේ කියා දුන් ධර්මය ඔස්සේ අප එකමුතුවී අත්වැල් බැඳගෙන රට නගමු. එක්සත් වෙමු. අප සංවර්ධනය කරා පා නගමු.

 

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]