Print this Article


<%on error resume next%>

අම්පිටියේ ධම්මකිත්ති නා හිමි ජන්ම සමරුවට පින්කම්

මාතලේ කොහොඹිලිවල වීර පුරන්අප්පු පෙදෙසේ බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති අම්පිටියේ ධම්මකිත්ති නාහිමිගේ හැත්තෑහත්වෙනි (77) ජන්ම දිනය නිමිත්තෙන් දිඝාසිරි පැතීමේ ආගමික වැඩසටහනක් නොවැම්බර් 16, 17 දිනවල දී පැවැත්වේ.

දශක පහක ආගමික හා සාහිත්‍ය දහම්පාසල් සේවාවන්හි නිරතව, උදාර ශාසනික මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේගේ ශාසනික සේවය අගයමින් අභිනන්දන ග්‍රන්ථයක්ද පසුගිය වසරේ දී එළි දැක්විණි. කඳුරට සාහිත්‍ය සංගමයේ සේවය මාතලේ දිසාවට ව්‍යාප්ත කරමින් උදාර සේවයක් කළ ධම්මකිත්ති හිමි, විහාරස්ථානය අංගසම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත්කිරීමට මූලික පියවරගෙන ඇත. ධම්මකිත්ති හිමියන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කරමු.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.