Print this Article


<%on error resume next%>

ජර්මන් ධර්‍මදූත සංගමයේ 60 වන සංවත්සරය සැමරීම

1952 සැප්තැම්බර් මස 21 වනදා අසෝක වීරරත්න මහතා විසින් ආරම්භ කළ ජර්මන් ධර්‍මදූත සංගමයේ 60 වන සංවත්සරය සැමරීම උදෙසා භික්‍ෂූන් වහන්සේලා 60 නමක් උදෙසා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී. එච්. විලියම් ශාලාවේදී සපිරිකර සාංඝික දානයක් සැප්තැම්බර් 23 දා පිරිනමන ලදී.

දානය සඳහා, බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාම විහාරස්ථානයේ සිට භික්‍ෂූන් වහන්සේලා පෙරහරකින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයට වැඩම කරවූහ.

ප්‍රධාන පුණ්‍යානුමෝදනා දේශනය අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනෝදය මහා නිකායේ සභාපති හා මහ නායක ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංස නා හිමියන් සහ

ශාස්ත්‍රපති ගොඩඋඩ අරියධම්ම හිමියන් කෙටි දේශනයක් ද පැවැත්වූ අතර, කොළඹ 07 අතුල දස්සනාරාමවාසී බෝග වැව රතන හිමියන් ද ධර්මානුසාසනාව පවත්වන ලදී. වැඩම කළ 60 නමක් වූ භික්‍ෂූන් වහන්සේලාට සහ සහභාගි වූ ගිහි භවතුන් සෑම දෙනාටම ද ජර්මන් ධර්‍මදූත සංගමය විසින් ඉංග්‍රීසි බසින් ලියවුණ Mitirigala Nissarana Vanaya නමැති ග්‍රන්ථයත්, “ජර්මනියේ බෞද්ධ තත්ත්වය” මැයෙන් ලියැවුනු කුඩා පොතත් බෙදාහරින ලදී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.