Print this Article


<%on error resume next%> කඨින පින්කම්

කඨින පින්කම්

හල්තොට ලෙනවර රජමහා විහාරය

හල්තොට ලෙනවර රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති, මිල්ලනිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, හොරණ ශ්‍රී පාලි විදුහලේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හිදුරන්ගල සෝරත හිමියන් විසින් වාර්ෂිකව කඨින උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන පින්කම් මාලාව මෙවර ද ඔක්තෝම්බර් 29 දා සිට නොවැම්බර් මස 03 දින දක්වා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.


දික්පිටිය සෝම විහාරය

දික්පිටිය සෝමවිහාරාධිපතිව වැඩ විසූ කීණහෙළ සෝමනන්ද හිමි අපවත්වී වසරක් පිරීම නිමිති කරගෙන ද වස්කාලය තුළ වස් අවසානයේ පවත්වන කඨින පින්කමද ඔක්තෝම්බර් 31 වෙනි දින ගුණ සමරු දම් දෙසුම බුදු ගේ කන්ද වළගම්බා රජමහා විහාරාධිපති ඌව වියලුව යටි කිඳ සංඝනායක දිවයිනටම සාමවිනිසුරු වැවේගම ඉන්ද්‍රරතන නායක හිමියන් පවත්වන ලදී. 01 වෙනි දින උදේ 5 ට කඨින චීවරය රැගත් පෙරහර දහවල් 25 නමක සංඝරත්නය වෙත දානමය පින්කම් ද සිදු කැරිණි.


ගන්නෝරුව උඩබෝමලු විහාරය

පේරාදෙණිය, ගන්නෝරුව උඩබෝමලුව විහාරයේ කඨින පින්කම නොවැම්බර් 4, 5 දිනවල දී සිදු කෙරේ.


උඩමදුන ශ්‍රී පූර්වාරාමය

පූජාපිටිය, පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ කඨින චීවර පින්කම නොවැම්බර් 10, 11 දිනවලදී විහාරාධිපති මිනිවස්ගමුවේ රතනසාර නාහිමි මූලිකත්වයෙන් හා දායක සභාවේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.


රත්මලාන ධම්මිකාරාමය

රත්මලාන ධම්මිකාරාමයේ කඨින පින්කම නොවැම්බර් 9, 10 දින වලදී පැවැත්වේ.


මාකන්දන සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික ධර්ම දේශනා මාලාව සහ කඨින පින්කම විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 11 දක්වා පැවැත් වේ.

නොවැම්බර් 11 වැනි දා දහවල් කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම සහ 50 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි මහා දානමය පින්කම පැවැත්වේ.

මෙදින රාත්‍රී 7 ට කඨිනානිසංස ධර්ම දේශනාවෙන් අනතුරුව මෙම පින්කම අවසන් වේ.


පානදුර සිරිනිවාසාරාමය

පානදුර වත්තල්පොල සිරිනිවාසාරාමයේ කඨින පින්කම විහාරාධිපති ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී හිනිදුම සුගතවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නොවැ. 5 වන දා සිට 11 දා දක්වා පැවැත්වේ.

සෑම දිනකම සවස 6 ට මිද්දෙනියේ ධම්මික හිමි, තමාදුවේ නාලක හිමි, සෙවණගල නන්දතිලක හිමි, වැයිහේනේ අමිතසාර හිමි, වලස්මුල්ලේ භද්දිය හිමි යන හිමිවරුන් අටවිසි බුද්ධ පූජා පවත්වති. රාත්‍රී 7 සිට ධර්මදේශනා පවත්වන්නේ මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, ගොම්බද්දල දමිත හිමි, විටියල කවිධජ හිමි, වරායායේ සමිත හිමි, වීරපානේ සීල සොබන යන හිමිවරු විසිනි. 11 වැනි දින අලුයම 6 ට කඨින චීවරය සඟ සතු කොට පූජා කොට සංඝගත දක්‍ෂිණාව ද රාත්‍රී 7.30 ට කඨිනානිසංස ධර්ම දේශනාව සිරි නිවාසාරාමාධිපති, රයිගම්, හේවාගම්, පස්යොදුන්, තුන් කෝරලේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමියන් විසින් පැවැත් වේ.


හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාමය

අඹතැන්න, හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයේ කඨින පින්කම, 15 වෙනි ශ්‍රී සුමනතිස්ස නාහිමි ගුණ සමරුව, විහාරස්ථ අභිනව බෝධි ප්‍රාකාරය විවෘතය ඇතුළත් වැඩසටහන් ගණනාවක් නොවැම්බර් 4, 5 දිනවලදී විහාරාධිපති, පිරිවෙන්පති බටුගොඩ, සංකිච්චායන හිමි ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

5 වෙනි දින කඨින චීවර පින්කම සිදු කෙරේ.


පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් (11) වැනි දා පැවැත්වේ. විහාරාධිපති තම්මිට පියනන්ද විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ ආරාමකාරක සමිතිය හා විශාඛා කුළඟන සමිතිය පින්කම සංවිධානය කර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.