Print this Article


<%on error resume next%> පැවිදි කිරීමේ පින්කමක්

පැවිදි කිරීමේ පින්කමක්

කළුපහන,වීරකෝන්ගම ශ්‍රී වීරබෝධිරුක්ඛාරාමයේ කඨින චීවර මහා පූජාව සහ දරුවන් පැවිදි කිරීමේ මහා පුණ්‍යකර්මය නොවැම්බර් මස 9-10 යන දෙදින තුළදී සිදු කෙරේ.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කරගස්තලාවේ ධම්මදස්සී නාහිමිපාණන්ගේ අනුශාසන පරිදි වීරකෝන්ගම ශ්‍රී වීරබෝධිරුක්ඛාරාම විහාරාධිපති කන්දකැටියේ සුමනරත්න හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් 09 වන දින ප.ව. 2.30 ට කරගස්තලාව පිරිවනේ සිට වීරකෝන්ගම විහාරස්ථානය දක්වා කඨින වස්ත්‍රය සහ පැවිදිබිමට ඇතුළත් වන දරුවන් වැඩම කරවීමේ රථ පෙරහර පැවැත්වේ.

වීරකෝන්ගම දුල්තොට පදිංචි ආර්.ඒ.පේ‍්‍රමසිරි, ආර්.වී.මේරිනෝනා දම්පතීන්ගේ පුත්‍ර ආර්.ඒ.රොෂාන් චානක සංජීව සහ කළුපහන පදිංචි ජේ.එම්.ආනන්ද, එස්.එම්.සිරියලතා සෙනවිරත්න දම්පතීන්ගේ ජේ.එම්. හර්ෂ උදයංගන ජයසේකර දරුවා 10 වනදා පැවිදි කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.