Print this Article


<%on error resume next%> කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්


අරියවංස නාහිමි

ශ්‍රී සරණපාල නාහිමි

සෝමරතන නාහිමි

ශ්‍රී සීලානන්ද නාහිමි

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය ඇතුළු විහාරස්ථාන කීපයකම විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවයක් සිදුකොට අපවත්වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ අරියවංස නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ සෝමරතන මාහිමි ඇතුළු විහාර පරපුරේ අපවත් වූ සියලුම හිමිවරුන්ගේ සහ මිය ගිය දායක දායිකාවන්ගේ ද ගුණ සැමරීම හා වාර්ෂික කඨින පින්කම ද නිමිති කරගෙන සංවිධානය කරන ලද පින්කම් මාලාවක් නොවැම්බර් මස 9, 10, 11 යන දිනවලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

දිනපතා රාත්‍රී බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා පැවැත්වෙන අතර 10 වන දින සවස 2.00 ට පිරිත් දේශනාව පවත්වා පසු දින උදේ කඨින චීවර පූජාව සමග සඟ සතු මහා දානයක් පූජා කිරීමට නියමිතය.

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.