Print this Article


<%on error resume next%> කඨින පින්කම්

කඨින පින්කම්

ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පින්කම නොවැම්බර් 2, 3 දිනවල පැවැත්වේ.

නොවැම්බර් 2 සවස 4.00 සිට 5.00 දක්වා ධර්මදේශනාවකි. මෙදින සවස ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනමන ගිලන්පස පූජාවකි. පසුදින මුළුතැන් බුද්ධ පූජාවකි. දවල් මල්වතු අස්ගිරි මහා නාහිමිවරු, අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්‍ෂිණාවකි. මහා කප්රුක් සහිත කඨින චීවර පූජාවක්ද පැවැත්වේ.

දෙවෙනි දින දීපලාල් විජේරත්න මහතාගේ නිවසේ සිට පංචතූ®ර්ය නාද සහිත පිරිත් දේශනා මධ්‍යයේ ධර්මයාත්‍රාව සහිත රථපෙරහරකින් වැඩමවා ගෙන එනු ලබන කඨින චීවරය කටුකැලේ ආරාමයේ සිට අලි ඇතුන් සහිත පෙරහරකින් 3 වෙනි දින අලුයම ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කෙරේ.


මල්වතු මහා විහාරය

මහනුවර මල්වතු මහා විහාරය, පෝයමළුව මහා විහාරය, මහානායක මාහිමි නිල ආරාමය යන ස්ථාන තුනේ කඨින පින්කම් නොවැම්බර් හතර වෙනිදින (4) පෞරාණික චාරිත්‍ර අනුව සිදු කෙරේ.

මල්වතු මහා විහාරයීය මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම, ධම්මානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශශ්‍රී සංඝරාජ කාන්තා සමිතිය, සංඝරාජ ගුණානුස්මරණ සමිතිය සහ රජයේ අනුග්‍රහය ඇතිව 69 වෙනි වතාවටත් පවත්වනු ලබන මෙම කඨින පින්කම් තුන වස් එළඹ වැඩ සිටින මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි ප්‍රධාන 48 නමක් වස් වැසූ මහා සංඝයා වහන්සේලා සමඟ 80 නමකට සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනමා වස්වාසික පිරිකර සහිත කඨින චීවර තුනක් සඟ සතුකොට පූජා කෙරේ.


අස්ගිරිය විජයසුන්දරාරාමය

මහනුවර අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ කඨින පින්කම නොවැම්බර් 4, 5 දිනවලදී පැවැත්වේ. මේ මස 29 වෙනි දින පුර පසළොස්වක පෝදා උදේ 9.00 සිට 10.00 දක්වා කුසුම්පොකුණේ රතනජෝති හිමි පවත්වනු ලබන ධර්ම දේශනාවකි. නොවැම්බර් පළමුවෙනි දින සවස 3.30 සිට 5.00 දක්වා මාවරලේ භද්දිය හිමි ධර්ම දේශනාවක් ද නොවැම්බර් 2 ප.ව. 6.00 කාව්‍යමය ධර්මදේශනාවක්ද නොවැම්බර් 3 සවස 6.00 ට අටවිසි මහා බෝධි පූජාවක්ද පැවැත්වේ.

නොවැම්බර් 5 වෙනි දින මහා සංඝරත්නය තිස්නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරි නැමීමත්, කඨින චීවර පූජාවද සිදු කෙරේ.


අස්ගිරිය ගෙඩිගේ විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ කඨින චීවර පූජා පින්කම නොවැම්බර් 12, 13 දිනවලදී විහාරාධිවාසි, අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික පොළොන්නරුව, සොළොස්මස්ථානාධිපති, ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


අළුබෝමුල්ල

අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති බස්නාහිර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත සද්ධර්මාගීස්වර ප්‍රවීණාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පූජා පින්කම (38) වෙනි වරටත් නොවැම්බර් මස 11 වන ඉරිදා ්සිදු කිරීමට නියමිතය.


කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය

කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය සේනාසනයේ කඨින පින්කම ත්‍රිපිටකාචාර්ය අහුන්ගල්ලේ සුමේධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ශශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ලේඛකාධිකාරී කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 14 වැනි දින සිදුකෙරේ. පනස් නමක් විෂයේ සපිරිකර දානය සහ සංඝාවාසය පූජා කිරීම ද එයට සමගාමීව සිදු කෙරේ.

මත්තේගොඩ ධර්මා බුද්ධිනි හා හෝමාගම ශිරෝෂ් මුදුන්කොටුව විසින් වස් ආරාධනය සිදු කරන ලදී.


බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාමය

බොරලැස්ගමුව වැවපාර ශ්‍රී නාගරුක්ඛාරාම විහාරයේ කඨින පින්කම නොවැම්බර් 10 වැනිදා පැවැත්වේ.

විහාරාධිකාරී මඩුපොත සරණතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් උඩහමුල්ල පඤ්ඤෝදයාරාමාධිපති දර්ශනපති මඩියේ සුගතසිරි හිමියන් විසින් කඨිණානිංශ ධර්ම දේශනය සවස 6.30 පැවැත්වීමට නියමිතය.


පාදුක්ක ශ්‍රී පූර්වාරාමය

පාදුක්ක, පිටුම්පෙ ශ්‍රී පූර්වාරාමයේ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් මෙම 26 දින සිට නොවැම්බර් 03 දක්වා පින්කම් රැසක් පැවැත්වේ. 26 දින සිට 31 දින දක්වා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 7.00 ට පැවැත්වේ. නොවැ. 02 කඨින චීවර පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වේ. නොවැ. 03 දවල් සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ. විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය මහගම හේමතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාව සංවිධානය කරයි.


මෝදර

කොළඹ මෝදර ධවල සිංහාරාම මහා විහාරයේ කඨින මහා පින්කම මේ මස 31 දින සිට නොවැම්බර් මස 04 දින දක්වා කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති වස්කඩුවේ සිරිරතන නායක මාහිමිගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. රාත්‍රී කඨින ආනිසංස ධර්මදේශනය සීනිගම නන්දරතන පරිවෙනාධිපති ශාස්ත්‍රපති වස්කඩුවේ සිරි විමල හිමියන් විසිනි.


මොරටුව හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන කඨින මහා පින්කම නොවැම්බර් මස 02 සහ 03 යන දිනවල දී සිදු කෙරේ.


මාතර පිලදූව

මාතර පිලදූව විජයබිම්බාරම විහාරස්ථානයේ මේ මස 29 වැනි දා පොහෝ දින උදෑසන අටවිසි කිරිපිඬු දානය, කප්රුක් පූජාව, සීල සමාදාන පින්කම සවස අටවිසි බුදුවරුන් සඳහා අෂ්ඨපාන පූජාව, පවත්වනු ලබන අතර නොවැම්බර් 02 වැනි දා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය, කඨින පෙරහර, කඨින සිවුරු පූජාව, හීල් දානය සහ දවල් සාංඝික දානය බැරගම අරියධම්ම හිමියන්ගේ අනුශාසනයෙන් පැවැත්වේ.


දළදාවත්ත පුරාණ විහාරය

වාද්දූව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් මස 03 සහ 04 යන දින දෙක තුළ පැවැත්වේ.


ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාමය

ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ දී අමුගොඩ සෝමරතනාභිධාන නාහිමියන්ගේ හා විහාරාධිකාරී ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පූජා මහා පින්කම නොවැම්බර් මස 3, 4 යන දෙදින තුළ පැවැත්වේ. එයට සමාගාමීව විහාරාධිපති නාහිමිපාණන්ගේ 85 වන ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද හා දිගාසිරි පැතීමේ පින්කමක්ද පැවැත්වේ.

ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ දී අමුගොඩ සෝමරතනාභිධාන නාහිමියන්ගේ හා විහාරාධිකාරී ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පූජා මහා පින්කම නොවැම්බර් මස 3, 4 යන දෙදින තුළ පැවැත්වේ. එයට සමාගාමීව විහාරාධිපති නාහිමිපාණන්ගේ 85 වන ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද හා දිගාසිරි පැතීමේ පින්කමක්ද පැවැත්වේ.


ගලවිලවත්ත

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම නොබැම්බර් 1 – 4 දින දක්වා ශාස්ත්‍රපති, කම්මට්ඨානාචරිය, රත්මලානේ සුජාත නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කරන අතර දිනපතා රාත්‍රී 7.00 ට ධර්ම දේශනා පැවැත්වේ.


හල්තොට

හල්තොට ලෙනවර ඓතිහාසික රජමහ විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පින්කම් ඔක්තෝම්බර් 29 දින සිට නොවැම්බර් 03 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


එළියස් පෙදෙස සංඝමිත්තා විහාරය

මෙම වසරේ කඨින පින්කම මේ මස 03 වන සෙනසුරාදා සහ 4 වන ඉරුදින සංඝමිත්තා විහාරයේ දී පැවැත්වේ. නොවැම්බර් 03 දින රාත්‍රී 7.00 ට විශේෂ අටවිසි ගිලන් පස බුද්ධ පූජාව හා නොවැම්බර් 04 වන දින අලුයම 4.00 ට කඨිනචීවරය සහ සෙසු විශේෂ සිවුරු පිරිකර ආදී පූජාව පැවැත්වේ.


වදාකඩ

වදාකඩ ගින්නේරිය පත්තිනි විහාරස්ථානයේ කඨින පින්කම නොවැම්බර් 04, 05 දෙදින තුළ විහාරාධිපති ශාස්ත්‍රපති සේනපුර සද්ධාමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


පොළොන්නරුව ගල් විහාරය

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරයේ කඨින පින්කම මේ මස 29, 30 දිනවල ගල් විහාරාධිපති අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරාධිකාරි, ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ මස 29 වප් පුර පෝයදින සවස සෙත් පිරිත් දේශනාවකි. ආගමික වැඩසටහන් මාලාවකි. 30 වෙනි දින මහා සංඝරත්නය විසිපස් නමක් විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්‍ෂිණාවකි.


ගල්දූව ආරණ්‍ය සේනාසනය

අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනය හෙවත් ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ වාර්ෂික කඨින චීවර පූජා මහා පින්කම නොවැම්බර් මස 18 ඉරු දින පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. කම්මට්ඨානාචාර්ය නාඋයනේ අරියධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදුවේ.

බෝධි පූජාව නොවැම්බර් මස 17 දින සවස 6.00 ට පැවැත්වේ. කඨින චීවර පූජාව නොවැම්බර් මස 18 දින උදේ 9.00 ට පිණ්ඩපාත ශාලාවේ දී පැවැත්වේ.


කුටුම්බිගල

ඓතිහාසික කුටුම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනයේ කඨින මහා පින්කම නොවැම්බර් මස 10 හා 11 යන දිනයන්හි කුටුම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාශනයේ දී සිදු කැරේ.

පෙරවරු 9.30 ට කඨිනානිශංස දේශනාව ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමියන් විසින් පැවැත්වේ.


තොටගමුව

තොටගමුව ශ්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරාධිපති, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක තොටගමුවේ ශ්‍රී පඤ්ඤානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් මස 30 දින අලුයම කඨින මහා පෙරහර ද 31 වැනි දින සාංඝික දානය කඨින චීවරය සමඟ සංඝරත්නයට පූජා කිරීම තොටගමුව ශ්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරයේ දී සිදු කැරේ.


පිළියන්දල

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂික කඨින පින්කම ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 12 දක්වා විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. ධර්ම දේශනා මාලාව මේ මස 31 සිට ඇරඹෙන අතර නොවැම්බර් 08, දහවල් බුද්ධ පූජාවෙන් අවසන් වේ. නොවැම්බර් 10 වන සෙනසුරාදා සවස 3.00 ට කඨින චීවර පෙරහර පැවැත්වීමට නියමිතය.


මාතර වල්ගම

මාතර – වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ වාර්ෂික කඨින පින්කම මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා විහාරාධිපති විල්පිට සුධම්මාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


කළුබෝවිල සමාධි විවේකාශ්‍රමය

කළුබෝවිල, පන්සලපාර, සමාධි විවේකාශ්‍රමයේ වස් අවසාන පින්කම් මාලාව නොවැම්බර් මස 08 වැනි දා සිට 10 වැනි දා දක්වා පැවැත්වෙයි.

විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරෙන පින්කම් මාලාවේ නොවැම්බර් 8 සහ 9 දිනවල පස්වරු 5 සිට 6 දක්වා පැවැත්වෙන ධර්මදේශනාවන් කරනු ලබන්නේ ගලිගමුවේ ඤාණදීප සහ තලල්ලේ චන්දකිත්ති හිමිවරුන් විසිනි. නොවැම්බර් 9 ප.ව. 6.30 සිට 7.15 දක්වා සර්වඥ ධාතු සහ සත්බුදු බෝධි වන්දනාව මෙහෙයවන්නේ මහරගම පදුම හිමියන් ය. නොවැම්බර් 10 දින අලුයම 4 ට කඨින චීවරය සහ සර්වඥ ධාතු කරඬුව වැඩම කරන අතර එදින උදේ කඨින චීවරය හා වස්සාවාසික පිරිකර ඇතුළු සාංඝීක දානමය පින්කම මෙහෙයවන්නේ රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල මහ නාහිමිපාණන් ය. කඨිනානිශංස දේශනය තලගල සුමනරතන නාහිමි විසින් පැවැත්වෙයි.


සුගතරාජ විහාරය

කුණ්ඩසාලේ මහවැලිඋයන සුගතරාජ මහා විහාරයේ කඨින මහා පින්කම නොවැම්බර් මස 02, 03 දිනයන්හිදී නවතිස්පනේ ශ්‍රී සුදර්ශනාරාමය මහවැලි උයන ශ්‍රී සුගතරාජ විහාරය යන විහාරද්වයාධිපති කොත්මලේ උප ප්‍රධාන සංඝනායක කොත්මලේ මහ සෑයේ විහාරාධිපති හා ආගමික උපදේශක ශ්‍රී බුද්ධරාජ මහ විදුහලේ නිර්මාතෘ හා විදුහල්පති ශාස්ත්‍රපති ප්‍රවීනාචාර්ය තිස්පනේ ශ්‍රී ජිනානන්ද නා හිමියන්ගේ හා මාදන්වල සෝමානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිපති නේපාලයේ විජිතානන්ද හිමියන් ඇතුළු දායක සභාවේ මූලිකත්වයෙන් නොවැම්බර් 02, 03 දිනයන්හි සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.