Print this Article


<%on error resume next%> බැරගම සෝභිත නාහිමි ගුණසමරු සංඝාවාසය විවෘත කිරීම 6 දා

බැරගම සෝභිත නාහිමි ගුණසමරු සංඝාවාසය විවෘත කිරීම 6 දා

බැරගම සෝභිත නාහිමි ගුණ සමරු සංඝාවාස මන්දිරය විවෘත කිරීමේ මහා පින්කම නොවැම්බර් 06 වන දා තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ. මේ සඳහා කතානායක චමල් රාජපක්‍ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද සහභාගී වෙති.

ඔක්තෝබර් 26 වැනි දා සිට නොවැම්බර් 6 වන දා දක්වා එහි වැඩසටහන් විස්තරය මෙසේ ය. ඔක්තෝබර් 26 සිකුරාදා රාත්‍රී 7.00 ධර්ම දේශනය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 27 වැනිදා රාත්‍රී 7.00 ට කාව්‍යමය ධර්ම දේශනය ගාල්ලේ අතුල හිමි, ඔක්තෝම්බර් 28 වන දා රාත්‍රී 7.00 ධර්ම දේශනය ඕමාරේ කස්සප නා හිමි, 29 වන දා රාත්‍රී 7.00 ධර්ම දේශනය මාගම මහානාම හිමි, 30 වන දා රාත්‍රී 7.00 ධර්ම දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විලේගොඩ අරියදේව හිමි. 31 රාත්‍රී 7.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි, නොවැම්බර් 1 රාත්‍රී 7.00 ට ධර්ම දේශනය දළුගම සමිතඤාණ හිමි, නොවැම්බර් 2 වන දා රාත්‍රී 7.00 ට ධර්ම දේශනය කුඩුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි, 3 වන දා පරිත්‍රාණ ධර්ම දේශනාව ඇරැඹීම. 5 වන දා චෛත්‍යයට මුල්ගල් තැබීම සහ කඨින පින්කම පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.