Print this Article


<%on error resume next%> දඹදිව බුද්ධගයාවට අල්කයිදා තර්ජනය පිළිබඳ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

දඹදිව බුද්ධගයාවට අල්කයිදා තර්ජනය පිළිබඳ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් ප්‍රකාශන මගින් දඹදිව බුද්ධගයාවට අල්කයදා තර්ජන යන මාතෘකාව යටතේ දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය බව සඳහන් කරනු කැමැත්තෙමි යැයි ඉන්දීය මහා බෝධි සමාගමේ මහා ලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසති. බුද්ධගයාව ආශි‍්‍රත මුස්ලිම් ගම් ප්‍රදේශයක එක තරුණ ළමයෙක් අල්කයිදා සංවිධානයට සම්බන්ධ වී කටයුතු කරද්දී ඉන්දීය ආරක්‍ෂ අංශය මගින් අත්අඩංගුවට ගත් විට ගයාවේ මුස්ලිම් ජනතාව කුපිත වේවි යන අදහසින් ගයාවේ මෙන්ම විශේෂයෙන් බුද්ධගයාවේ එක දිනකට (10/10/2012) පමණක් අතිරේක පොලිස් බල යොදා තිබුණ බව ඇත්තය.

නමුත් බුද්ධයාව ඇතුළු දඹදිව කිසිම සිද්ධස්ථානයකට කිසිම ත්‍රස්තවාදී සංවිධානයකින් කිසිම තර්ජනයක් නොවූ බව මින් දන්වා සිටිමි. බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ආචාර්ය රේවත නාහිමියෝ දන්වා සිටිති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.