Print this Article


<%on error resume next%> බුද්ධානුස්සති භාවනාව -2 සම්මා සම්බුද්ධ ගුණය

බුද්ධානුස්සති භාවනාව -2

 

සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධො
ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඊළඟ පුර පසළොස්වක පෝය දක්වාම මෙම භාවනාව පුරුදු පුහුණු කරගත යුතුය. මෙහි ප්‍රථම පාඩම පසුගිය මාසයේදී ඉදිරිපත් විය. මේ එහි දෙවැනි පාඩමයි. දවස පුරාම “ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධො” කියා මෙනෙහි කරන්න. එහි අර්ථය පහත දැක්වේ. එම කොටස සජ්ඣායනා කරන්න. මතක තබා ගැනීමට උත්සාහවත් වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වාගේ දැනේවි.

අපල, අසනීප, දුක් කරදර, මාරක බාධක දුරුවී ආරක්‍ෂාව සෙත ශාන්තිය දියුණුව සැලැසේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකියාව දියුණු වේ. යහපත සැලසේ. සිහි කල්පනාවෙන්ම කටයුතු කිරීමට හැකියාව ලැබෙන අතර අවසාන හුස්ම සිහියෙන්ම අවසන්වේ. මරණින් මතු සුගතියට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවේ. සියලු සම්පත් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ තරම් මහා පිනක් බුද්ධානුස්සති භාවනාව තුළින් ලැබීම සතුටට කාරණයකි. සතර අපා දුකින් නිදහස්වී අංගවිකල, මන්දබුද්ධික ආදී අහේතුක ජීවිතයක් නොලැබේ. සුළු මොහොතකින් නිවන් අවබෝධ වේ. එම නිසා සැවොම බුදුගුණ භාවනා වඩන ලෙස සිහිපත් කරමි. තමන්ගේ දරුවන්ටත් හිතවතුන්ටත් පෝය දින සිල් පිරිසටත් මෙම බුදුගුණ භාවනාව සිදු කරන ලෙසද සිහිපත් කරමි.

ම්මා සම්බුද්ධ ගුණය

1. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.

2. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විශිෂ්ට ඤාණයෙන් දතයුතු වූ සත්‍ය ධර්මයන් විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

4. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ ජාති දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

5. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ ජාති දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

6. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතුවූ ව්‍යාදී දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ මරණ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

8. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ සෝක දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

9. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතුවූ පරිදේව දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

10. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ දුක්ඛ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

11. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතුවූ දෝමනස්ස දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

12. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතුවූ උපායාස දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

13. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතුවූ අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

14. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ ප්‍රිය විප්පයෝග දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතුවූ කැමති දේ නොලැබීමේ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

16. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතුවූ පංච උපාදානස්කන්ධ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

17. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

18. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ කාම තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

19. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ භව තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

20. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ විභව තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

21. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතුවූ රූප තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

22. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ ශබ්ද තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

23. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ ගන්ධ තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

24. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ රස තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

25. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ පොට්ඨබ්බ තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

26. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ ධම්ම තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

27. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ අජ්ඣත්තික තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

28. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතුවූ බාහිර තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

29. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ අතීත තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

30. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ අනාගත තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

31. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු වූ වර්තමාන තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

32. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතුවූ එකසිය අට වැදෑරුම් තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

33. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

34. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ අජාති නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

35. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ අජර නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

36. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ අව්‍යාදි නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

37. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු වූ අමත නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

38. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු වූ අසෝක නම් නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

39. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු වූ අපරිදේව නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

40. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු වූ අනුපායාස නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

41. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු වූ අනාසව නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධධ නම් වන සේක.

42. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

43. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා දිට්ඨිය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

44. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා සංකප්ප භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

45. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා වාචාව භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

46. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා කම්මන්තය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

47. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා ආජීවය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

48. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා වායාම භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

49. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා සතිය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

50. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ සම්මා සමාධිය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.


බුද්ධානුස්සති භාවනාව -1  අරහං බුදු ගුණය


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.