Print this Article


<%on error resume next%> කඨින පින්කම්

කඨින පින්කම්

මීරිගම

මීරිගම, මිණීඔළුව, විද්‍යාවාස පිරිවෙනෙහි 127 වැනි වරටත් පවත්වනු ලබන කඨින මහ පින්කම සහ එම පිරිවෙනෙහි පරිවේණාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත නිතලව ශ්‍රී ඤාණේශ්වර නා හිමියන්, ශාස්ත්‍රවේදී පිදුමේ රතන නාහිමි, පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද නාහිමි, ත්‍රිපිටකවේදී මකුලෑවේ විජය නාහිමි යන හිමිවරුන්ගේ ගුණ සිහිකිරීම සඳහා පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.

ඒ නිමිත්තෙන් මේ මස 25 වැනි දා, බොරැල්ලේ අතුල නාහිමි ද, 26 වැනි දා අක්මීමන ධම්මපාල නා හිමි, 27 වැනි දා, රම්මුතුගල බුද්ධවංස හිමි, 28 වැනි දා නවගත්තේගම සුගතවංස හිමි, 29 වැනි දා වරකාවැහැර ධම්මපාල නාහිමියන් විසින් රාත්‍රී 7.30 ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය.

මිනුවන්ගොඩ

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය නිමිත්තෙන් ඔක්තෝම්බර් 23 රාත්‍රී සිට 29 අලුයම දක්වා සති පිරිත් දේශනයක් පැවැත්වේ. ඔක්තෝබර් 30 වෙනිදා මිනුවන්ගොඩ රජ මහ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.