Print this Article


<%on error resume next%> මුරුද්දෙනියේ සීලරතන හිමියෝ නායක පදවි ලබති

මුරුද්දෙනියේ සීලරතන හිමියෝ නායක පදවි ලබති

මුරුද්දෙනිය පුරාණ විහාරයේ විහාරාධිපති මුරුද්දෙනියේ සීලරතන හිමියන් වෙත ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් ධර්ම කීර්ති ශ්‍රී බෝධිසීහ පියරතන යන ගෞරව නාමය සහිතව තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳව වූ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම මල්වතු මහාවිහාරිය මංගල උපෝසථාගාරයේ දී චාරිත්‍රානුකූලව සිදු කැරුණු අතර නා හිමියන් පිළිගැනීමේ උත්සවය සැප්තැම්බර් මස 16 වෙනි දින ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය දියවඩන නිලමේතුමා ද මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් හා පළාත්වාසීන්ගේ ද සහභාගීත්වයෙන් කන්ද පිට විහාරස්ථානයේ දී සිදු කැරිණි.

අභිනව නා හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.