Print this Article


<%on error resume next%> ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ ගුණ සැමරුම

ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ ගුණ සැමරුම

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාට කෘතවේදිත්වය දැක්වීම් වස් එතුමාගේ ජන්ම දිනය වන 1896 ඔක්තෝබර් 26 වන දින, 116 වන උපන්දිනය සිහිකර කළුතර බෝධි පරිශ්‍රයෙදී් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

මෙවර බෞද්ධයා නාලිකාව ඔස්සේ ධර්ම දේශනාවක් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ විසින් 116 වන ජන්ම දිනය අළලා ඔක්තෝබර් මස 26 වන දින සිදු කෙරේ. එසේම කළුතර බෝධි පරිශ්‍රයේ දී පෙරවරු 6.00 ට කිරිපිඬු දානයක් ද, 9.00 ට පුෂ්පෝපහාර දැක්මක් ද දවල් 11.00 ට පනස්නමකට සපිරිකර මහා සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.