Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

බම්බලපිටියේ සිරි වජිරාරාමය

බම්බලපිටිය සිරි වජිරාරාමයේ පෝදා වැඩසටහන මෙසේය.

පෙරවරු 6.00 – 7. 15 - සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව : සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9. 00 – ධර්මානුශාසනාව - තලල්ලේ චන්දකිත්ති හිමි, 9. 30 – 11. 15 – දහම් සභාව - පදලංගල ධම්ම දේව හිමි ආචාර්ය අත්තනායක එම්. හේරත් මහතා, 11. 15 – 11. 30 – බුද්ධ පූජාව - පැරකුම් පුර විශාරද හිමි. පස්වරු 1. 00 – 2. 00 – කාව්‍ය ධර්මදේශනය පන්නල ඤානාලෝක හිමි, මානකඳුරේ පඤ්ඤසාමි හිමි, 2. 00 – 2. 45 - සෙත්පිරිත් සජ්ජායනය කඹුරුගමුවේ මහානාග හිමි, 3. 00 – 4. 00 – ධර්මානුශාසනාව - පිටිපන ශාසනරතන හිමි, 4. 00 – 5. 00 – භාවනාව හා අනුශාසනාව වේරදූවේ මහින්ද හිමි, 5.00 – 6. 00 – ධර්මදේශනය දර්ශණපති මඩිහේ සුගතසිරි හිමි, 6. 00 – 6. 30 – අටවිසි බුද්ධ පුජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා


පන්නිපිටියේ දෙව්රම් විහාරය

පන්නිපිටිය දෙව්රම් විහාරයේ දී බිනර පෝදා දවස පුරා පින්කම් මාලාවක් කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. පෝදා උදේ 6 ට සීල සමාදාන මෙහෙයවීම බුද්ධ පූජාව හා දහම් දෙසුම කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමි, 8.30 බුදුගුණ භාවනා මෙහෙයවීම මහරගම පදුම හිමි, 9.30 දහම් දෙසුම කැකුණවල වනරතන නාහිමි, 10.30 බුද්ධ පූජාව, පස්වරු 12.30 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය නවනැලියේ සීවලි හිමි, 1.30 ගිහි දෙසුම ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත මහතා, 3.00 දම් දෙසුම බොරළුගොඩ ජිනාලංකාර හිමි, 4.30 අටවිසි බුද්ධ පූජාව දම් දෙසුම හා සිල් පවාරණය කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමි.


පානදුර වලාන අටවිසි බුද්ධ පූජා පින්කමක්

වලානේ ශ්‍රී විජය සෞගත විද්‍යාලස්ථානයෙහි වාර්ෂිකව සිදුකරන අටවිසි බුද්ධ පූජාව මෙවරත් බිනර පුර පසළොස්වක පොහෝ දින පෙ.ව. 10.00 ට විද්‍යාලය පාරේ පදිංචි උපාලි පීරිස් මහතා හා පි‍්‍රයානි පීරිස් මහත්මියගේ දායකත්වයෙන් සිදුකෙරේ. බුද්ධ පූජාව රැගත් පෙරහර පෙ.ව. 10.00 ට එම නිවසින් පිටත්වේ. පෙරවරු 10.15 බුද්ධ පූජාව පැවැත්වීම එදින සවස 6.00 ට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම නදීරා පි‍්‍රයදර්ශනී මහත්මියගේ දායකත්වයෙන් සිදුකෙරේ.


අනුරාධපුර ජයසිරි මහ බෝධිය

බිනර පුන් පොහොය වැඩසටහන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි ජයසිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වේ.

මහාවිහාර පුන් පොහොය වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ පස්වැනි අදියර මෙදින ඇරැඹේ. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙනක පුස්තකාලයක් සඳහා අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ. මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දක්වති.

අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනය පැවැත්වේ.

සැප්තැම්බර් මස 30 වැනි දා, ඉරිදා, එනම් බිනර පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩ සටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8. 00 සිට 10. 00 දක්වා මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේය.

පෙරවරු 6. 30 – 7. 30 - සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, වැලිකල පඤ්ඤාකර හිමි අශෝකාරාම විහාරස්ථානය, කළුතර උතුර, 8. 00 – 11. 30 ධර්ම දේශනය- ගලමඩ සම්බුද්ධාලෝක හිමි කළුතර නාගොඩ ජිනවංශ යෝගාශ්‍රමය, නාගොඩ, කළුතර, 1. 00 – 2. 45 ධර්‍ම දේශනය -පුලියැද්දේ සුධම්ම හිමි, බුදුමග සෙනසුන, මොරගහකන්ද වත්ත, කළුතර උතුර, 3. 00 – 4. 30 – ධර්ම දේශනය මිරිස්සේ ධම්මික හිමි සිරි සුදස්සනාරාමය, බත්තරමුල්ල, 4. 45 – 6 30 ධර්ම දේශනය -වැලිම ධම්මාරාම හිමි, 6. 15 – 7. 00 පානදුරේ අරියධම්ම හිමිගේ බෝධිපූජාව( පටිගතකළ එකකි ), 7. 15 – 8. 00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8. 15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

බිනර පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේය.

පෙරවරු 6. 00 – 7. 00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව - කඩවත සමින්ද හිමි, 8. 00 – 9. 00 – භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10. 00 – ධර්ම දේශනාව - ත්‍රිපිටකාචාර්ය දියසෙන්පුර විමල හිමි, 10. 00 – 11. 15 – පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12. 25 – 12. 30 – විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12. 30 – 1. 00 – පිරිත් හා තෙරුවන් ගුණ – අගලවත්තේ සුමිත්ත හිමි, 1. 00 – 2. 00 – ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2. 00 – 3. 00 – ගිහි දේශනය - වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා, 3. 00 – 4. 00 – ධර්ම දේශනාව - සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4. 15 – 5. 00 – ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5. 00 – 6. 00 – ධර්ම දේශනාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6. 00 – 6. 30 - බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

බිනර පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, ඕපනායක ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ගල්දූව ආරණ්‍ය සේනාසනවාසී කහගොල්ලේ සෝමවංස නාහිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


ශ්‍රී විජයසුන්දරාරාමය

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ පින්කම් මෙසේ ය. වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ මහ විහාරස්ථානයේ පුන් පෝදා පෙරවරු 6.00 සිට පසුදා 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වේ. පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, වෑගල්ලේ රාහුල හිමි 7.00 ධර්ම දේශනය අම්බලන්ගොඩ සුමනනන්ද හිමි, 8.00 භාවනාව ඇල්පිටිවෙල නන්දවිමල හිමි, 9.00 ධර්මදේශනාව දළුගම සමිතඥාන හිමි, 10.00 ධර්මදේශනය, විහාරාධිපති, වලවෙල හේමානන්ද මාහිමි, දහවල 12.00 පිරිත් දේශනය කොලොන්ගස් තැන්නේ නන්ද වංශ හිමි, පස්වරු 1.00 ධර්මදේශනය බුත්කන්දේ රතනජෝති හිමි, 2.00 ජාතක කතාව, හුණුවල පියදස්සි හිමි, විශේෂ දේශනය පර්සි විජේරත්න මහතා 4.00 ධර්ම දේශනය වේවැල්දුවේ ධම්මකිත්ති හිමි, 5.00 වතාවත් 6.00 අටවිසි බුද්ධ පූජාව විහාරවාසී මහ සඟරුවන 7.00 සිට පසුදා අලුයම දක්වා විවිධ වැඩසටහන් පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

සීල සමාදන් කරවීම, දෙනියායේ ශාන්ත හිමි, සිල් ආවර්ජනාව, කිවිපති මාර්ටින් ජයවර්ධන ශූරීන්, විදර්ශනා මාර්ගය නිලන්ත හෙට්ටිගේ ශූරීන් බුද්ධ වන්දනාව, ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි අනුශාසනා පරිදි සෙවණගල මළිඳු, නෙරලම්පිටියේ දිනිඳු, කට්ටකඩුවේ මිළිඳු සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාව, ධර්මාචාර්ය වලස්ගල පඤ්ඤාසිරි හිමි, විශේෂ ධර්මදේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත ගොඩපිටියේ සමිත හිමි, ධර්ම දේශනාව දෙහිගස්පේ සිරිවිමල හිමි, සිල් පවාරණය හබරත්වල සෝභිත හිමි


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පොහෝ දින පින්කම් මෙසේ ය. පෙරවරු 6.00 සිට ප.ව. 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 සිට 9.30 දක්වා මොරවක ශාන්ත හිමි විසින් පවත්වන ධර්ම දේශනාවකි. 9.45 සිට 11.00 දක්වා කෑගල්ලේ විමංසා දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. පස්වරු 12.30 සිට ප.ව. 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1.00 සිට 2.45 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. 3.00 සිට 4.00 දක්වා කොලොන්නාවේ රජමහා විහාරාධිපති කොලොන්නාවේ ධම්මික හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවකි. 4.00 සිට 5.30 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි.


මොරටුව හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ පෝදා පින්කම් මෙසේ ය. අලුයම 5.00 ඝාණ්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව. පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව සහ උදෑසන බුද්ධ පූජාව වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්ම දේශනාව බොල්ලැගල සියම් රතන හිමි 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම හිරණ ප්‍රජාපතී සීල මාතාශ්‍රමයේ අධිපතිනී මහියංගණයේ විශාකා ධම්මශිලා මෙහෙණින් වහන්සේ, පස්වරු 1.00 සාමූහික පිරිත් දේශනාව (ධම්මචක්කන සූත්‍රය) ඇතුළුව 2.00 ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 4.00 භාවනා වැඩසටහන කෝලිත හෙට්ටිගේ මහතා, 5.00 මහා බෝධි පූජාව සහ සිල් පවාරණය.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පසළොස්වක පොහෝදා, පෝය වැඩ සටහන මෙසේය.

පෙරවරු 6. 00 – 6. 30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි 7. 00 – 7. 30 දක්වා සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම විහාරාධිපති තලල්ලේ සිරි මහින්ද නා හිමි, 8. 00 – 9. 00 ට භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9. 15 – 10. 15 දක්වා ධර්ම දේශනය ශ්‍රී ලංකාරාම මහා පිරිවෙනේ, දෙනිපිටියේ නන්දවංශ හිමි, 10. 30 – 11. 00 දක්වා සම්බුද්ධ පූජාව මෙහෙයවීම, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12. 15 – 12. 30 ට බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 1. 00 – 2. 00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2. 15 – 3. 15 ට ධර්‍ම දේශනය 3. 30 – 4. 30 දක්වා භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි, 5.00 – 6. 00 ට ධර්ම දේශනය කොත්මලේ නන්දතිලක හිමි, 6. 00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6. 45 – 7. 45 ට මල් පහන් ගිලන් පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි පූජාව, 8. 00 – 9. 00 රාත්‍රි ධර්ම දේශනය (පටිගත කරන ලද )


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පුන් පෝ දින ශීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 උපෝසථ ශීලය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි, 9.15 වෙසෙසි දෙසුම දර්ශනපති කතිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, පස්වරු 12.45 පිරිත් දේශනාව සහ තෙරුවන් ගුණ සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමග සිල් පිරිස, 1.30 කාව්‍යමය ධර්ම දේශනය රන්සාගොඩ සුමිත්ත හිමි, 3.00 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 7.00 රාත්‍රී විශේෂ ගිලන්පස බුද්ධ පූජා, බෝධි වන්දනාව මෙහෙයවීම, ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය.

මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ රූපසීලි වර්ණකුලසූරිය මහත්මියයි.

සෑම මසකම අවසන් සෙනසුරාදා උදෑසන 8.00 – 11.30 දක්වා භාවනා වැඩසටහනක් පැවැත්වේ. මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ වේයන්ගොඩ බෝපාගම මිගදාය තපෝවනයේ ප්‍රධාන අනුශාසක ගම්පහ පාසාදිත හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.