Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර බිනර මහා පෙරහර

මාතරට සුවිශේෂි වූ පෙරහරක් ආරම්භ කළ යුතුය යන මුල් අදහස පහළ වූයේ මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගැටමාන්නේ ධම්මකිත්ති නා හිමියන්ගේ සිත තුළය. දකුණේ භාෂා ශාස්ත්‍රාලෝකය එළිකළ වර්ෂ 119 ක් පැරණි ඓතිහාසික පූජනීය ස්ථානයක් වන මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරය මූලික කොට මෙම පෙරහර ආරම්භ කිරීමද ඉතා වැදගත් ය.

එකොළොස් වැනි වරට පැවැත්වෙන මෙම බිනර මහා පෙරහර උඩ, පහත, සබරගමු නර්තන අංග අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මෙම පෙරහරට එකතු කොට ඇත. මේ මස 29 දිනට යෙදෙන බිනර පෝදා රාත්‍රී 7.00 ට මාතර බෝ සමිඳුන් අබියසින් ඇරඹෙන පෙරහර මන්තින්ද පිරිවෙන් සම්බුදු මාලිගාව අසළින් ගෙවදීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.