Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ පිරිත් දෙසුම

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා පදිංචිව සිටි කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය ආරම්භක යුගයේ පවත්වාගෙන ගිය ස්ථානය වූ සරසවි සඳරැස පුවත්පත් මුද්‍රණාලය පිහිටියා වූ ද, කොළඹ ආනන්ද විද්‍යාලයේ තිඹිරිගෙය වූ ද, වත්මන් බෞද්ධ මන්දිරයට යාබදව පිහිටි පැරණි බෞද්ධ මන්දිර ගොඩනැඟිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට, පිළිසකර කර ඇත.

එම ගොඩනැඟිල්ල සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් කෞතුකාගාරය බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය කටයුතු යොදමින් පවතී. කෞතුකාගාරයක් ලෙස විවෘත කිරීමට පෙර මෙහි සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සැප්තැම්බර් මස 30 වැනි ඉරු දින පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.