Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතියේ 71 වෙනි සංවත්සර පින්කම් මාලාව

මාතර තරුණ බෞද්ධ සංගමයේ 71 වන සංවත්සරය නිමිත්තෙන් මෙම මස 25 වන දින ලේ දන් දීමේ පින්කම විශේෂඥ වෛද්‍ය එස්.පී. කුලරත්න ශාලාවේ දී සිදු කැරේ.

අනුශාසනාව සහ පුණ්‍යානුමෝදනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි හිමියන් විසින් සිදු කැරෙන අතර 26 වන දින සර්වරාත්‍රික පිරිත් දේශනය මාතර තරුණ බෞද්ධ සමිතියේ “ලිඩියා” සීල මැදිරියේ දී පැවැත්වේ.

අනුශාසනාව සහ පුණ්‍යානුමෝදනාව, ශාස්ත්‍රපති පණ්ඩිත මඩවල ධම්මික ජිනවංශ හිමියන් විසින්ද 27 වන දින උදේ බුද්ධ පූජාව සහ මහා සංඝගත දක්‍ෂිණාව ද අනුශාසනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමියන් විසින් ද පුණ්‍යානුමෝදනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත ගම්මැදගම චන්ද්‍රජෝති හිමියන් විසින්ද 27 වන දින දවල් බුද්ධ පූජාව සහ මහා සංඝගත දක්‍ෂිණාව අනුශාසනාව රාජකීය පණ්ඩිත ගොඩගම චූලාලංකාර නාහිමියන් විසින් ද පුණ්‍යානුමෝදනාව ශාස්ත්‍රපති දෙහිගස්පේ සිරිවිමල හිමියන් විසින්ද පැවැතවේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.