Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවිල වාර්ෂික පින්කම්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතූන් වහන්සේ ද, කේශ ධාතූන් වහන්සේලා ද තැන්පත් කර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත පරිදි කාවන්තිස්ස මහ රාජෝත්තමයාණන් විසින් ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ තනවා ශාසනය සතු කරන ලද සේරුවිල පුදබිම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව කකුසඳ, කාශ්‍යප බුදුපියාණන් වහන්සේලාගේ ද ලලාඨ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ලෝකයේ එනම් ඓතිහාසික පින්බිම වන අතර, අනුවස් බැවින් පිරිපුන් පුණ්‍යස්ථානයකි.

වරින් වර, දේශීය හා විදේශීය ආක්‍රමණයන්හි දී මෙම පුදබිම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගෙන් ගිලිහී නොගියේ එකී සතර බුදුවරුන්ගේ අසීමිත වූ බුද්ධ බලයෙනි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ද එම පුණ්‍ය භූමිය විනාශ කිරීමට නොගත් උත්සාහයක් නොමැත. නමුත් වත්මන් විහාරාධිපති සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේත් බෞද්ධ ජනතාවගේත්, ත්‍රිවිධ හමුදාවන්ගේත් කැපවීමෙන් රැකගත් සේරුවිල පුණ්‍ය භූමියෙහි 89 නව වරට පවත්වනු ලබන පින්කම් මාලාව 2012.09.25 සිට 2012.09.29 දින දක්වා පැවැත්වේ.

2012.09.29 පුන් පොහෝ දින පැවැත්වෙන පින්කම් අතර වාර්ෂික ශ්‍රීමත් ලලාඨ ධාතු උපහාර පෙරහර විශේෂ තැනක් ගනී. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රාත්‍රී පෙරහර අත්‍යාලංකාරයෙන් පැවැත් වූ නමුත් මෙවර අති දුෂ්කරතාවයන් බොහොමයකට මුහුණ දීමට සිදුව තිබේ.එසේ හෙයින් පරිත්‍යාගශීලී සුපින්වතුන්ගේ බැතිබර දායකත්වය ශාසනහිතකාමීව අපේක්‍ෂා කරමු.

ඒ අනුව මූල්‍යමය පරිත්‍යාගයන් හා 29 වන පුන් පොහෝ දින සපැමිණෙන සැදැහැවතුන් උදෙසා දන්සැල් දීමට අපේක්‍ෂිත සමිති සමාගම් හා පුද්ගලික පින්වතුන් වෙත කාරුණිකව ආරාධනා කරමු. මූල්‍යමය පරිත්‍යාගයන් ලංකා බැංකුව කන්තලේ ශාඛාවේ “සේරුවිල මංගල රජමහා විහාරස්ථ දායක සමිතිය” නම් ගිණුම් අංක 72113282 ට බැර කරන ලෙස දන්වා සිටියි. වැඩි විස්තර සඳහා අංක 071 7988561 අංකයට අමතන්නේ නම් මැනවි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.