Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නායක පදවි ලබති

තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මුරුද්දෙණිය කන්දපිට පුරාණ විහාරාධිපති, සාම විනිසුරු කර්මාචාර්ය මුරුද්දෙණියේ සීලරතන හිමියන් වෙත ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරක් ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින්, ධර්මකීර්ති ශ්‍රී බෝධිසීහ පියරතන යන ගෞරව නාමය සහිතව පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීම මෙම 15 වන දින පස්වරු 2.30 මල්වතු මහා විහාරිය මංගල උපෝසථාගාරයේ දී චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර අභිනව නා හිමියන් පිළිගැනීමේ උත්සවය මෙම 16 වන දින සවස 3.00 ට මහනුවර ඓතිහාසික නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක හිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය හා මැති ඇමැතිවරුන් ඇතුළු පළාත් වාසීන්ගේ සහභාගීත්වයෙන් කන්දපිට විහාරස්ථානයේ දී සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.