Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ කෘති දෙකක් එළි දැක්වේ

පුරා දෙවසරක් ලාංකේය විද්වතුන් ගේ සහ බුද්ධිමතුන් ගේ පැසසුමට ලක් වූ “ ජීවිතයට දහම් පාසල” සඟරාවේ පළවූ, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් රචිත උපදේශ මාලා ලිපි පෙළ ඇසුරෙන් සම්පාදිත “ මඟ හොඳට තිබේ නම්” කෘතිය සහ උන්වහන්සේ විසින් ගුවන් විදුලි සහ රූපවාහිනි මාධ්‍ය තුළින් වදාළ ධර්ම දේශනා සහ වෙනත් ලිපි ඇතුළත් “ධම්මස්සවණ කාලෝ අයං භදන්තා” නමැති කෘති ද්වයත්, “ ජීවිතයට දහම් පාසල” සඟරාව සඳහා රංජිත් වික්‍රමසිංහ මහතා විසින් රචිත ලිපි පෙළ ඇතුළත් “ ධනය දෙගුණ කරගන්න” කෘතිය යන කෘති ත්‍රිත්වය සැප්තැම්බර් 16 වන ඉරු දින සවස 02. 30 ට බත්තරමුල්ල පැලවත්ත මයුරපාද පිරිවෙන් විහාරස්ථානයේ දී එළිදැක්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී ශාසන කීර්ති සද්ධර්මශූරී ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමිපාණන් වහන්සේ මෙම උත්සවයේ මුලසුන හොබවන අතර ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා සහභාගිවීමට නියමිතය. මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමි, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මැතිතුමා සහ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මැතිතුමා යන විද්වතුන් දේශකයන් වශයෙන් සහභාගි වෙති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.