Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටහැත්ත මාරඹේ පුරාණ විහාරස්ථානය


විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

චෛත්‍යය

විහාර මන්දිරයේ ප්‍රතිමා

බෝධීන් වහන්සේ

සබරගමු පළාතේ, කුරුවිට කෝරළයේ පල්ලේ පත්තුවේ ගැටහැත්ත, මාරඹේ පුරාණ විහාරස්ථානය වර්ෂ 1886 දී පමණ කුඩා බුදුමැදුරකින් ආරම්භ කරන ලද අවුරුදු 126කට වඩා පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයකි.

සතර පේරුවේ දායක සභාවේ හා ප්‍රදේශවාසී ජනතාවගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මෙම විහාරස්ථානය දිනෙන් දින දියුණු වෙමින් පවතියි. බෝධීන් වහන්සේ හා අගනා බිතු සිතුවම්වලින් අලංකාර වූ සුවිසල් විහාර මන්දිරය සහ කළු ගලින් නිමවන ලද ධර්ම ශාලාව, මෙහි ඓතිහාසිකත්වය විදහා දක්වයි. ආරම්භයේ සිට නන් දෙසින් සපැමිණි ආගන්තුක භික්‍ෂූන් වහන්සේ වස් වසමින් වැඩ සිටි අතර, අනුරාගොඩ සෝමානන්ද, මාරඹේ නන්දසාර යන ස්වාමීන් වහන්සේ මෙහි විහාරාධිපති ධුරය හෙබවූහ. වර්තමානයේ පූජ්‍ය පුරිජ්ජල පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධුරය හොබවති.


ධාතුන් වහන්සේ වැඩ සිටින කුටිය

වර්ෂ 1952 දී ආරම්භ කරන ලද ශ්‍රී විජය දහම් පාසල, වර්ෂ 1978 දී ඇරැඹූ ශ්‍රී විජය පෙර පාසල ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් උදාර අධ්‍යාපනික සේවාවක් සිදු කරන අධ්‍යාපන ආයතන වෙයි. වසර 1942 දී පමණ ආරම්භ කරන ලද සති පිරිත් පින්කම හා දේව දූත මහා පෙරහර නොකඩවාම මේ දක්වා පවත්වනු ලබන අතර, එය ප්‍රදේශයට පමණක් නොව මුළු මහත් රටටම විශාල ආශිර්වාදයක්ව පවතී.

ආගමික, සාමාජික වශයෙන් උදාර සේවාවක් සිදු කරන මෙම විහාරස්ථානයේ එම පින්කම් සඳහා සතර පේරුවේ දායක සභාව, තරුණ බෞද්ධ සමිතිය, උපාසක උපාසිකා සමිතිය සහ පරෝපකාර සමිතිය ඇතුළු සමිති සංගම් මගින් ලැබෙනුයේ ඉමහත් පිටිබලයකි.

මෙම පුද බිමට පිවිසෙන සැදැහැවතකු තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය එසැණින්ම ජනිතවන බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.


විහාරාධිපති
පුරිජ්ජල පඤ්ඤාසාර හිමි

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.