Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කහවේ විමලසිරි නාහිමි

මෙයට විසි දෙවැනි වසරකට පෙර අපවත් වී වදාළ කහවේ විමලසිරි නා හිමියන්ගේ ගුණ සමරු පින්කම කලාඔය ශ්‍රී විජයබෝධිරාජාරාමයේ දී පැවැත්වේ.

මෙයට අවුරුදු හතළිස් පහකට පෙර කලා ඔය ශ්‍රී විජය බෝධිරාජාරාමයේ පොසොන් දන්සැල ආරම්භ කිරීමද කලා ඔය ශ්‍රී විජය බෝධිරාජාරාමයේ සඟබෝ දහම් පාසල, විශාඛා, සිඟිති පාසල, රාජාංගන තරුණ ගොවිපළේ සමඟි දහම් පාසල විශේෂයෙන් උන්වහන්සේගේ සේවා අතර සිහිපත් කළ යුතුයි. කහවේ විමලසිරි නාහිමියන්ට උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමෙන් අමරපුර සිරිසද්ධම්මවංශ මහනිකායේ සුධර්මා නම් කාරක සංඝ සභාව සම්මාන දැක්වූහ. ප්‍රදේශයේ ජනපි‍්‍රය විහාරස්ථානයක් බවට පැමිණි කලාඔය විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ විමලසිරි නාහිමියෝ 1989 සැප්තැම්බර් 09 වැනිදා අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ඇවෑමෙන් අධිපති පදවියට පත් වූ පැවිදි සහෝදර උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක මාදම්පේ සරණතිස්ස නාහිමියෝ විහාරස්ථානයේ නව දියුණුවක් කිරීම ආරම්භ කළහ.

සරණතිස්ස නාහිමියෝ කලා ඔය ශ්‍රී විජය බෝධිරාජාරාමයට එකතු කළ නවාංගයන් අතර, අපවත් වී වදාළ නාහිමිගේ පිළිරුව තැනීම, විහාරස්ථානයට විදුලි ආලෝකය ලබාදීම, ඉදිරිපිට ඇත් පවුර ඉදි කිරීම, විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස සාංචි තොරණ ද අවුරුදු පතා ප්‍රදර්ශනය කරන පොසොන් තොරණ, අසරණ සරණ භාවනා මධ්‍යස්ථානය විශේෂ තැනක් ගනී. සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් මේ මස 08 වැනිදා සවස බෝධි පූජාවකි. 09 වැනිදා දවල් අර්ධ ශතාධික සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.