Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැඩබලන මහා නායක ධූරයට නාපාන පේමසිරි නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක ධූරය හෙබවූ මහනුවර හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නා හිමියන් එම නිකායේ වැඩබලන මහානායක ධූරයට ඒකච්ඡන්දයෙන් තේරී පත්වෙති.

එම නිකායේ මහා ලේඛකාධිකාරී මාතලේ ධම්මකුසල නාහිමියෝ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 3 වැනිදින පැවැති විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළහ. උන්වහන්සේ පිළිබද විශේෂ ලිපියක් මේ මස 15 වැනිදා පත්‍රයේ පළවේ. -


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.